අයිශු ගෙදර ඇවිත් පුරුදු විදියටම ඩයිරිය අරන් අද දවස පුරාම සිද්ද උන හැමදේම ලියන්න ගත්තා.
" ඔන්නි ,ඔප්පා කියපු දේ ඇත්ත. මම මෝඩයෙක් වගේ මෙහෙම හැසිරෙන එකෙන් මුකුත් විසඳෙන්නේ නැහැනෙ .මට ජිමින් නැතුව ඉන්න පුළුවන්ද ? බැහැ කොහොමවත් බැහැ . ඔන්නි කිව්වා වගේ මම එයාට මේ දේ කියන්න ඕනද ? ඒත් මට සනීප නොවුනොත් ,මම ... මම මැරුනොත් මොකද කරන්නේ .ජිමින්ට හිත හදාගන්න බැරිවෙයි. මම බෙහෙත් අරන් හොඳ උනාම එයාට කියනවා .ඔව් එහෙම කරනවා. හොඳ උනාට පස්සෙ මේ හැමදේම හෙමින් තේරුම් කරනවා. "
Next Day Morning
ජින් උදේම හොස්පිට්ල් එකට ගියා. ඇනා අයිශු එක්ක හොස්පිට්ල් එකට ආවේ ටිකක් පරක්කු වෙලා .
" ඔන්නි "
" කියන්න අයිශු ,මොකද ඔයාට අමාරුයි ද ?"
" අනී අනී .මම හොඳින් .මට ජිමින්ව බලන්න ඕන ඔන්නි 🥺 "
" අපි හවසට එන්න කියමු. මම කතා කරන්නම් .කෝ කෝ දැන් ඉතින් හිනාවෙන්න"
දෙන්නා එක්කම කතා කර කර ගියේ ඩොක්ටර් වූ බින්ගේ රූම් එකට .යද්දි ජින් ඩොක්ටර් එක්ක කතා කරනවා.
" ආහ්හ් මේ ආවේ .අපි ඉක්මනටම ස්කෑන් ටික කරමු ජින්. අයිශු බෙහෙත් ගන්න ආවේ නැති නිසා කාලෙකින් මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරියටම දැනගන්න ඕන."
" දේ .අපි යමු .හැමදේම ඉක්මනටම කරන්න වෙනවා දැන් කොහොමත් "
ස්කෑන් එක කරනකම් ඇනා එලියට වෙලා හිටියේ ,ජින්ට පේශන් කෙනෙක් ආව නිසා.
ටික වෙලාවකට පස්සෙ අයිශු ඩොක්ටර් එක්ක එලියට ආවා." අයිශු ඔයා හොඳින් නේද ?"
" අයිගූ ඔන්නී ,මම හොඳින් අනේ "
" දැන් අදට ඔක්කොම ඉවරයි ද ඩොක්ටර් .මම අයිශුව ගෙදර එක්කගෙන යන්නද?"
" අයිශුව ගෙදර එක්කගෙන යන්න ඇනා. මෙයාට වැඩිය මහන්සි වෙන්න දෙන්න එපා. මෙයා මේ ටික කාලෙම ඕනවට වඩා මහන්සි වෙලා තියෙනවා .මම ජින්ගෙ අතේ රිපෝට් එක එවන්නම් "
" දේ .කම්සම්මිදා "
ඩොක්ටර් ගෙදර යන්න කියපු නිසා දෙන්නා එක්කම ජින්ට කියලා යන්න හදද්දිම දැක්කේ ජේකේව.
YOU ARE READING
With you Without you ( Completed )
Fanfictionආදරේ කියන්නේ ලොකු ප්‍රෙහේලිකාවක් . ඒ ප්‍රෙහේලිකාව විසඳගන්න හැමෝටම බැහැ . ඒ නිසයි ලෝකේ හුඟාක් මිනිස්සු ආදරේ කොයිතරම් ලස්සන උනත් ඒකේ නියම රසය දන්නෙ නැත්තෙ. ආදරේ පාට , සුවඳ මෙන්න මේකයි කියලා රාමු කරන්න බැහැ . ඒක අසීමාන්තිකයි; ආත්මීයයි. ඒ අපූරු හැඟීම ආත...