ටේහ්‍යොනා.... ටේහ්‍යොනා... ඉක්මන් කරලා එන්නකෝ.. කෑම කාලා යන් ඉක්මනින් , ඔයාට පරක්කු වේවි නැත්නම්
වේ .. වේ. හ්‍යුන්ග් , ඇයි කෑගහන්නෙ ඔච්චර
වාහ්... බලන්නකො අනේ මෙයා , ඔයා ලෙක්චර්ස් ද යන්නෙ ඩේට් එකකටද යන්නෙ ටේ, මෙච්චර හැඩවෙලා
අයිගෝ හ්‍යුන්ග්.. ඔන්න ඔය ඕඩර් කරපු දෙයක් දෙන්න අනේ කන්න. විහිලු නොකර . ආහ්...මේ......
හ්‍යුන්ග් , ඔයාට පුලුවන්ද ලෙක්චර් හෝල් එකටම මාව ඇරලවන්නමොකද්ද කියන්නෙ... ඔයා බයවෙලාද... ආහ්.. ආයිගෝ මගෙ පොඩි මල්ලි බයවෙලා ෆස්ට් ඩේ කැම්පස් යන්න
ආනී.. හ්යොන්ග් ඔයා දන්නවා මං කාටත් බය නෑ කියලා , මං කිව්වෙ මේ... මට නිකම් අමුතුයි වගේ.. මේ සෝල් නෙවේනෙ අප්පා.. සිඩ්නි කියන්නෙ කොයිවගේ තැනක්ද කියලාවත් මං හරියටම දන්නෑනෙ
ම්ම්..ම්... හරි හරි ටේ.. මං කොහොමත් එන්න හිටියෙ. මං හැමදේම සෙට්ල් කරලා තියෙන්නෙ. ඔයාට තියෙන්නෙ හොදට වැඩ ටික කරගන්නයි.
ඉවරනම් අපි යන්..
ටිකක් ඉන්න හ්‍යුන්ග්
ඒයි.. ඔය මොනවද කරන්නෙ..
මේ කැන්ඩි වගයක්.. ලෙක්චර් එකේදි කම්මැලි වෙයි කියලා හිතෙනවා මට , කැන්ඩි එකක් කකා වත් ටයිම් පාස් කරන්න පුලුවන් එහෙම වුනොත්
යා... ටේ..ඔයාට කම්මැලී වෙන එකක් නම් නෑ, සෝල් වලට වඩා ලස්සන ගෑණුළමයි මෙහෙ ඉන්නවලු.. එහෙ වගේම මෙහෙ අයත් ඔයාගෙ පස්සෙන්ම ඒවි.. මට මතකනේ හයිස්කූල් කාලෙ මෙයා පස්සෙන් ආපු ගෑනුලමයි ගොඩ.
එහෙනම් නියමයි.. ශූහ්...මට සුපුරුදු විදිහට ඉන්න පුලුවන් වෙයි
පාරට ඇවිත් ටැක්සියක් නවත්තගත්ත ජින් ටේහ්‍යොන්ග් එක්ක පිටත්වුනේ සිඩ්නි විශ්වවිද්‍යාලයට. අද ඉදන් දෙන්නගෙ ජීවිතේ වැදගත්ම නවාතැන වෙන්නෙ මේ විශ්වවිද්‍යාල භූමිය
මේ අයියයි මල්ලියි සෝල් නුවර තමන්ගෙ කියලා තියෙන හැමදේම අතෑරලා සිඩ්නි වලට ඇවිත් තාම සතියයි. දැනටමත් අලුත් අද්යන වාර වල මාසයක් ගෙවිලා ගිහින් නිසා කිසිම පෙර සූදානමක් නැතිව ලැබුනු පලවෙනි අවස්තාවෙම සෝල්වලින් පිටත්වුනු මේ දෙන්නට ඇවිත් නවතින්න සිද්ධ වුනේ නම් හෝටල් කාමරයක.
YOU ARE READING
💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )
Fanfictionආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ කදුල උතුරවන , කවදා ඇතිවෙයිද , කොහොම ඇතිවෙයිද , කොතනදී ඇතිවෙයිද කා වෙනුවෙන් කවුරුන්ගෙ හදවතේ ඇතිවෙයිද , ම...