Short ff
...... #One_Day......
"තමුන් ස්කුල් වලට අමතරව එක්ස්ත්‍රා ක්ලාසස් යවන්නේ මේ මාක්ස් ගන්නද ක්‍රිෂා"
"අප්පා මියා... මියානේ...."
"හ්හ්හ් තමුන් මගේ ළමයෙක් ද ත් සැකයි දැන් නම් ශික්. මට ලැජ්ජා කරන්න ආපු හැතිරි"
"අප්.. පා....."
අප්පාගේ වචන වලට මට දැනුනේ මගේ පපුවට උල් පිහියකින් අයිනවා වගේ හැඟීමක්. මම ක්‍රිෂා... Jung Holdings වල අනාගත අයිතිකාරී. ඒ පිට සමාජෙට මාව පේන විදිහ. ඒත් අප්පට අනුව මම කිසිම වැදගම්මකට නැති නිකම්ම නිකන් කෙල්ලෙක්. ටර්ම් ටෙස්ට් වල ලකුණු වලින් මන් එයාගේ දරුවෙක්ද නැද්ද කියලා මාව මයින අප්පා ගැන මට කේන්තියක්වත් වෛරයක්වත් නැහැ. හැබැයි ඒ වෙනුවට තියෙන්නේ කලකිරීමක්....මම ගැනම.....
#ඩාන්සින්..... මගේ ලෝකේ... මගේ හීනෙ... ස්කොලේ මාක් ෂීට් එකේ සාමාන්‍ය ලකුණු තිබ්බ මම ඩාන්සින් ඇකඩමි එකේ ඉන්න බෙස්ට් ඩාන්සර්.. මේන් ෆිමේල් ඩාන්සර්... ඒත් මගේ අප්පට ඕනේ පොතේ දැනුම විතරමයි. මගේ කැමති අකමැති දේවල් වලින් මගේ හීන වලින් එයාට ගානක් නැහැ.
කොච්චර මානසිකව වැටුනත් මන් වැටෙන්න වැටෙන්න මාව නැගිට්ටවපු කෙනෙක් මගේ ජීවිතෙත් හිටියා.#සෙමි.... මගේ සැපට නැතත් දුකට මාත් එක්කම එකට ඉන්න මගේ හොදම යාලුවා.
"අඩන්න ඕනේ නම් අඩපන් ක්‍රිෂා, මන් එපා කියන්නේ නෑ හැබැයි ආයි හිටියටත් වඩා ශක්තිමත් වෙලා ඔය ඇස් වල තියෙන කඳුළු පිහිද ගෙන නැගිටටින්න "
ඒ තමයි මගේ සෙමි.මගේ ලගින්ම ඉන්න මගේ හයිය...මගේ ශක්තිය....
"මට එපා වෙලා සෙමියෝ... මට මැරෙන්න හිතිලා තියෙන්නේ... ඇයි හැමෝම මගේ අඩුපාඩු විතරක් හොයන්නේ "
"ෂ්ෂ්ෂ්ෂ්...උබට කවුරු නැතත් මන් ඉන්නවනේ බන්. ඒක නිසා ඕව හිතන්න එපා.... "
"දේ. උබ නැත්තන් මන් මෙලහකටත් මැරිලා බන්. ඒත් මට ඔයා ඉන්නවනේ ඒ ඇති "
අදත් මන් හිත හදාගත්තේ සෙමිගෙ වචන වලින්.
"ආඃ මේ අහපන්කෝ අපේ ක්ලාස් එකට අද අලුතෙන් කොල්ලෙක් ආවනේ.. පට්ට හැන්ඩියා හොදේ. අම්මෙහ් ඒ මුණ "
YOU ARE READING
One Day ||KSJ | (Completed)
Fanfiction" මන් කැමති ඉගෙනගන්න කෙල්ලෙක්ට " මගේ ජිවිතේ වෙනස් කරපු වචනේ.🍁💐 Start Date:- 2021.07.20 Published Date:- 2021.07.23 Finished Date:- 2021.07.25