Final chapter

890 131 111
                                    

අයිශු පාර දිගේ පයින්ම ඇවිත් නතර උනේ පාර්ක් එකේ. රෑ හීතල එන්න එන්නම වැඩි උනත් අයිශුට කිසිම ගානක් තිබුණේ නැහැ .ගෙදර අය බයවෙලා හොයනවා ඇති කියලවත් අයිශුට මතක් උනේ නැහැ .අයිශුට මතක් උනේ ජිමින් විතරයි .
පාර්ක් එකේ හිටියත් අයිශුට නොදැනීම අයිශුගේ හිත ගොඩාක් දුර ගිහින් තිබුණා .

ටික වෙලාවකට පස්සෙ අයිශු සිහියට ආවේ කවුරු හරි තදින් තමන්ව හොල්ලපු නිසා.

" ආහ්හ් වේ වේ ?"

" අයිශුයා ....😠 "

" හොබී ?"

" 😠 හොබී තමයි .අපි අරහේ ගිනි අරන් මෙයාව හොයනවා. මොනවද මේ කරන්නෙ. පිස්සු හැදිලද ඇත්තට "

" මියන්හේ .මට කියන්න බැරි උනා "

" කියන්න බැරි උනා කියන්නේ මොකක්ද ,ඔයාට ඇවිදින්න යන්න එපා කිව්වා නේද ? කියන දේ කරන්න බැරිද ?"

හොබී කවදාවත් නැතුව අයිශුට කෑගැහුවේ ඩියා කෝල් එකක් අරන් අඬ අඬ අයිශු නැහැ කිව්වම ,හොබීට හිටිය තැනත් අමතක උන නිසා. හොබී අයිශුව හැමතැනම හෙව්වෙ හොඳටම බය වෙලා. පාර්ක් එකට ඇවිල්ලා මුලු පාර්ක් එක පුරාම දුව දුව අයිශුව හොයද්දි අහම්බෙන් අයිශුව දැකලා දුවලා ලඟට ඇවිත් කතා කරත් ඇහෙන්නේ නැහැ වගේ අයිශු ඉද්දි හොබීට තව තරහ ගියා .

" බැහැ මට කරන්න කියන දේවල් හරිනේ . ඔයාත් ගිහින් ඔයාගෙ වැඩක් කරගන්න ඔප්පා "

" අ... අයිශු "

" වේ වේ වේ .එදා මැරිලා ගියානම් ඉවරයි .පුදුම කරුමයක්නේ මේක "

අයිශූ කෑගහන්න ගත්තේ හොබී ඇස් දෙකත් ලොකු කරන් අයිශු දිහා බලන් ඉද්දි.

" අයිශු මියන්හේ . මම කෑගැහුවේ මම බය උනා ..."

" මොකටද මැරිලා කියලද ,ඔයත් යන්න ඔප්පා මට ඔහොම ආදරෙන් සලකන්න එපා යන්න .ජිමින් වගේම යන්න . "

" අයිශූ ජිමින් ලබන සතියෙ එනවා .එතකන් පොඩ්ඩක් ඉන්න "

" ඔව්ව් එනවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක. "

" ම්වෝ ? පිස්සුද "

අයිශු අත් දෙකෙන්ම මූණ වහගෙන අඬන්න ගත්තා .

With you Without you ( Completed )Where stories live. Discover now