'මොකෝ ඔයාගේ තාත්තා අඩන්නේ?'ජන්ග්කුක් ආරාගේ කනට කරල ඇහුවා.
'එයාට කුක්කු ඕනි වෙලා ' ආරත් ජන්ග්කුක්ට රහසින් කිව්වා.
'ඔය ඇත්තද? ... දැන් අපි මොකද කරන්නේ?'
' අපි එයාට හොට් චොකලට් දීලා නිදි කරමු'
'හරි එහෙනම් අපි දෙන්නා යමු 'ජන්ග්කුක් ආරව වඩාගෙන ටේගේ පිටට තට්ටුවක් දාලා ගියා.
'මට ප්‍රශ්නේ කියපන්කෝ' ජිමින් ටේ ගාවින් ඉදගත්තා.
' මට මේක තවදුරටත් හන්ගන්න බෑ බන් . එයා දවසින් දවස ලොකු වෙනවා. මන් එයාට කොහොමද කියන්නේ එයාගෙ අම්මා නැතිවුනා කියලා'
'මට තෙරෙනවා .ඒත් එයාට බොරුවක් හරි අපිට කියන්න සිද්ද වෙනවා'
'මොනවද මන් කියන්නේ ඔයාගෙ අම්මා තරුවක ඉන්නෙ කියලද.... එයාට ඒගැන ප්‍රශ්න ගොඩක් තියෙයි. '
'එ අතින්නම් එයා ජෙනී වගේ තමයි.' ජිමින් එහෙම කියනකොටම කෝප්පයක් අතේ තියාගෙන ආරා ටේ ලගට දුවන් ආවා.
'මන් කිව්වනෙ මන් අම්මා වගේ කියලා හූ ඇද්ද? .... දැන් මෙක බොන්න.'
ටේ ආරගෙන් කෝප්පෙ අරන් එක හුස්මට බීගෙන ගියා . ආරත් කට ඇරන් බලන් ඉන්නවා .ඒක දැකපු ජිමින්ටයි,ජින්ටයි,කුකීටයි හිනා.
'දැන් හොද ලමයා වගේ ගිහින් නිදාගන්න'
'බැ තාත්තත් එන්න .' ආරා ටිකක් මුරණ්ඩු උනා.
'ඔයා කුකී අන්කල් එක්ක යන්න . මම පස්සෙ එන්නම්'
'හැබැයි ඔයා ඔය සැර බීම බොන්න යනවා නෙවෙයි නේ'ආරා එහෙම අහද්දි කුකි එයාගෙ හා හිනාව දාලා ටේට ඉගියෙන් මොනවදෝ කිව්වා.
'නැ නෑ ප්‍රොමිස් මන් ඒව බොන්නේ නෑ '
'මට ඔයාව ශුවර් නෑ ' ටේට ඒ කතාවට නම් ටිකක් හිනා ගියා. ටේගෙ මූනට හිනාවක් ගේන්නෙත් ආරා තමයි.
-KIM SHIVI-
KAMU SEDANG MEMBACA
💖winter wishes💖 ( completed ✔)
Spiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...