ෆුඩ්සිටි එකෙන් මම බඩුත් අරන් අත් දෙකෙන්ම ඒ ටික උස්සන් පයින් ගියේ වටපිටාවත් බලන ගමන්..
මෙහෙ හරිම ලස්සනයි..ඒ වගේම හරිම නිස්කලංකයී..බලන්න දේවල් ගොඩයි..හිම වැටෙන කාලෙට සීතයි වගේම ඒ සීතල පරයා යන අමුතු ලස්සනක් සෝල් වලට ලැබිලා තියෙනවා..රෑට කොහොමත් මෙහෙ ලස්සනයි..වටපිටාවේ ගොඩක් ලස්සනට සරසලා තිබ්බා..ලයිට් වැල් වලින් වගේ..මෙහෙ පරිසරය දකින කෙනෙක්ගේ ලෙඩ අඩු වෙනවා කියලා මම හිතන්නේ..
මොකද මම අද්දැකීමෙන් කියන්නේ..කාලයක්..ඒ කියන්නේ මම මෙහෙ ආව අලුත මට කවුරුත් හිටියේ නෑ..දැන් කියලත් කවුරුත් නෑ..ඒත් මට එක යාලුවෙක් හිටියා..
ඒ හන් ගග..
මම මගේ තියන ඔක්කොම දේවල් හන් ගගට කියන්න පුරුදු වෙලා හිටියා..එහෙම කිව්වම මගේ හිතට නිදහස්..ඒක මට සහනයක්..මගේ ජීවීතේ ගැන කාට හරි හරියටම දැන ගන්න ඕනේ නම් හන් ගගෙන් අහන්න..
හන් ගගට කතා කරන්න පුලුවන් නම් එයා කියයි මිනිස්සු බර ගානකගේ ජීවීත ගැන..අනිත් අය තමන්ගේ දුක හන් ගගෙ හන්ගද්දී මම ඒ දුක හන් ගග එක්ක බෙදා ගත්තා..ඒකයි මගේ තියෙන වෙනස..☺
අද මට මගේ ජීවීතේ සතුටු දවසක් වගේම දුක තියෙන දවසක්..මට තේරෙන්නේ නෑ මම ඒ දේට දුක් වෙන්න තියෙන හේතුව..
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty