"මම තමුසෙට කිව්වා. ඔය මනුස්සයා තමුසෙගෙ සල්ලි වලටයි තමුසෙට කැමති උනේ ටේහ්‍යුන්ග්!”
“නෑ.... ජිමිනා එයා ...... අනේ එයා මට......”
“කොල්ලො මේ අහන්න.... පාරෙ යන හිඟන්නෙකුට ආදරය කරන්න කලින් තමුසෙට දෙපාරක් හිතන්න තිබුණා. ඒ මනුස්සයා ආදරේ සල්ලි වලට. තමුසෙ ගෙ සල්ලි වලට!!! තමුසෙ මෝඩයෙක් වගේ උගෙ පස්සෙන් ගියා!!!”
“ඇ...ති...”
මම එහෙමම ඇඳේ පැත්තකින් වාඩි උනේ මගෙ හදවතට කවුරු හරි පිහි දාහකින් විතර අනිනවා වගේ වේදනාවක් දැනුන නිසා!
නැහැ!සමහර විට ඊටත් වඩා වේදනාවක්!
ජන්කුක්! ඇයි මට මෙහෙම කලේ!
මම ඔයාට ආදරේ කලේ ඇත්තටමයි!
ඔයාගෙන් මම මොකුත් බලාපොරොත්තු උනේ නෑ!ජන්කුක්.
මට බෑ ඔයාට වෛර කරන්න. මම දන්නෙ නෑ ඇයි කියන්නෙ කියලා ‘ආදරය වෛරය අතර තිඑන්නෙ නූලක පරතරයක් කියලා. මම දන්නෙ නෑ මගෙ ජන්කුක්! ආදරය වෛරයකට පෙරලවන්නෙ කොහොමද කියලා. එක කාලයක් ආදරය කරපු කෙනෙක්ට වෛර කරන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ ජන්කුක්.
සල්ලි ද ඕනි? මම ලඟ තාම සල්ලි තියෙනවා.
මම දෙන්නම්.
අනේ!
මාව දාල යන්න එපා.....
Flashback
“ටේ යමුද ඉක්මනට? කොහෙද බලන් ඉන්නෙ?”
ජිමින් කතා කරනකොට මම ඒක පාරට ම ගැස්සුණා.
“නෑ. අර මිනිස්සු වට වෙලා ඉන්නෙ ඇයි අතන?”
මම පුදුමයෙන් ඇහුවෙ එතන පොර කමින් ඉන්න මිනිස්සු තොගේ දැකලා පුදුම උන ගමන්.
“ම්.... මන්දා. දැන් බබාට ඒකත් බලන්න ඕනිද?”
“අනේ බලමුකෝ ජිමිනා”
“හා හා යමන්කො”
ජිමින් තරහෙන් කියනකොට මම ඉක්මනට එයාවත් ඇදගෙන ඕප දූපෙ බලන්න එකතු උනා.මගෙ හදවත මොහොතකට නැවතුනේ ඒ කටහඬ නිසා.!!
එතන කොල්ලො දෙන්නෙක් සිංදු කියනවා. එක කොල්ලෙක් බෙරයක් ගහනවා. අනිත් කොල්ලා ගිටාර් එකක් ප්ලේ කරනවා.....