මහ රජු, අග බිසව, උප බිසව, රාජ්‍යයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ වූ වේදිකාවේ අසුන් ගෙනය.
රාජ්‍යයේ අග බිසවගේ පුතු ජන්කුක් ඉදිරියේ වූ කුඩා මේසය ඉදිරිපිට දණ නවාගෙනය. ඔහු ඉදිරියේ වූයේ මැටියෙන් නිවකල බඳුනකි.
එහි තුබුනේ විෂය
රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුට උදෑසන පලමු හිරු කිරණ වැටෙනා විට මරණ දණ්ඩනය නියම කර තුබුනේ එතෙක් මෙතෙක් ඉතිහාසය පුරාවට කිසිදිනක වාර්තා නොවූ වාර්තාවක් තබන අතරතුරේදී ය.
රාජකුමාර ජන්කුක්ට මදක් එහායින්, ඔහුගේ වම්පස දණ නවාගෙන හිටියේ ටේහ්‍යුන් නම් රාජ්‍යයේ ධනවත්ම තැරවුකරුගේ එකම පිරිමි දරුවාය.
රාජකුමාර ජන්කුක් ස්ථීර වශයෙන්ම පැවසුවේ ඔහූ කිසිඳු වරදක් නොකළ බවයි.
මන්ද ආදරය කිරීම වරදක් නම් , එයට මරණ දණ්ඩනය නියම නම්, සියල්ලටම ප්‍රථමව තම පිය රජු ව මරා දැමිය යුතුය. ආදරය පිලිබඳව කවි ගී ලියන ලෝක ප්‍රසිද්ධ ලේඛකයන් මරා දැමිය යුතුය. සියලුම විවාහක පිරිමින් හා ස්ත්‍රීන් මරා දැමිය යුතුය.
නමුත් ආදරය කිරීම වරදක්ව පවසා තමා හා ටේහ්‍යුන් ට මුලු රාජ්‍යක් ඉදිරිපිටදී අපහාස කර වස පොවා ඝාතනය කිරීම මහපොලොව නුහුලන අපරාධයක් බව ජන්කුක් ගේ මතය විය.
නමුත් ටේහ්‍යුන්ගේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය.
ටේහ්‍යුන් සිටියේ බිය නිසා වෙව්ලමින් ය.
ඔවු!
ඔහු මිය යෑමට බියක් දැක්විය. ඔහුට තමාගේ බිය පහව යන තුරු තමාගේ පෙම්වතා ට තුරුලු වී සැනසෙන්නට අවශ්‍ය විය. ඔහුගේ උණුසුම විඳිමින් , තමාගේ දෑස්වලින් වැගිරෙන කඳුලු බිඳු වෙනුවෙන් ඔහුගේ සැනසිලි බස් ඔහුට අවශ්‍ය විය. නමුත් යදමින් විලංගු වැටී සිටි තමාටවත් තමාගේ පෙම්වතා ටවත් යලි එසේ වැලඳ ගැනීමට නොහැකි වන බව ඔහු දැන සිටියත් ඔහු එය පිළිගැනීමට මැළි විය.
ඔවුන් පළමුවර හමුවූයේ මාලිගාවේදී ය. ටේහ්‍යුන්ගේ පියා මාළිගාවට සේවය කිරීමට පැමිණි දිනය ටේහ්‍යුන්ට අද මෙන් මතකය.