Four

2K 423 77
                                    

ඔයා ගොඩක් දුක් විදලා කුකි..

ඔව් ඇත්ත මං ගොඩක් දුක් වින්දා.. ඒත් දැන් මං ඒ ඔක්කොටම හරියන්න ජීවිත කාලෙටම හම්බ කරලා ඉවරයි..

මං කිවුවේ ඒ මූණ දිහා බලන්ම.. එයා මට මේතරම් ලගින් ඉද්දී මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.. එයා තාමත් මගේ උකුලේ.. එයාටත් ඒක ගානක් නෑ.. එයාත් මගේ මූණ දිහා බලන් හිටියා.. මාත් එහෙමයි.. ටිකකින් එයාම මගේ කම්බුලට යන්තම් හාදුවක් දුන්නා.. ඒ ස්ප‍ර්ශෙට මං ගැස්සුනා උනාත් ඒ හැගීම විදගන්න මං ඇස් පියා ගත්තා..

මං හිතුව මං ගේ කියලා දැන ගත්තම එයාත් මාව දාලා යයි කියලා හරියට අනිත් අය වගේ.. නෑ එයා බය නැතුව තවත් මගේ උකුලට වෙලා ඉන්නවා..

ඒ ඇස් වල කිසිම බොරුවක් පේන්න තිබුනේ නෑ.. එයා අහින්සකයි..

එතකොට ඔයාගේ කතාව මොකද්ද..

මටත් කතාවක් තියනවා.. ඒ උනාට ඔයාට වගේ අවසානෙවත් ලස්සන නැති.

එයා කිවුවේ එයාගෙ ශාර්ට් එකේ බොත්තමක් කරක කරක..

ඒකට සතුටු හිතෙන අවාසනායක් ගේන්න මං ඔයාට උදවු කරන්නම් හරියට සුගා මට උදවු කරා වගේ. ඉතින් කියන්නකෝ මට ඔයාගේ කතාව..

හ්ම්ම්.. ලොකු හුස්මක් පිට කරපු එයා කතා කරා..

මාත් ඔයා වගේමයි.. වෙනසකට තියන්නේ මට ඔම්මා ඉන්නවා අප්පා නෑ.. අප්පා මැරුණේ මට අවුරුදු නමයෙදි විතර.. ඒත් ඔම්මා වෙන කසාදයක් කර ගත්තා මට අවුරුදු දොලහා වෙද්දි.. මට හ්යුන් කෙනෙක් හිටියා.. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියේ.. ඒත් හ්යුන් එන්න එන්න වෙනස් උනා.. එයා හැම වෙලේම ගෙදරින් එලියේ ඉන්න පටන් ගත්තා.. ගෙදර එන්න කැමති උනේම නෑ.. හැම වෙලේම කල්පනා කරන එකමයි කරේ.. ඔම්මා ඒ මනුස්සයාව බැදලා අවුරුදු දෙකකින් විතර හ්යුන් ගෙදරින් ගියා කාටත් නොකියා.. මටවත් නොකියා.. එයා යන්න කලින් දවසේ මට කතා කරා.. ඔයාගේ හොදට මං මේ දේවල් කරනවා කිවුවා.. එතකොට මට දාහතරයි.. මට හිටියේ හ්යුන් විතරයි.. එයාත් මාව දාලා ගිහින්.. අවුරුද්දක් යනකන් කරදරයක් නැතුව හිටියා.. ඒ අවුරුද්ද ඉවර වෙලා ටික කාලෙකින් මං දැන ගත්තා මං හ්යුන් කෙනෙක් වෙන්න යන්නේ කියලා.. මං එක අතකින් සතුටු උනා.. එයා නන්ගියෙක්.. මං එදා ගොඩක් සතුටු උනා.. මට පහලව ලබලා දවස් හතරකට පස්සේ එයා ඉපදුනා..

Unimaginable Angel..✅TK😇[Complete]Where stories live. Discover now