ඉක්මනින් ඔෆිස් එකේ තිබුන වැඩ ටික ඉවර කරලා මං එලියට ආවේ පුලුවන් වේගෙන් ගෙදර යන්න හිතාගෙන.. ටේව බලන්න නෙමේ..😌 ටිකක් නිදාගන්න.. ඔව් ඒකට තමා..😪
අපරාදේ. ඊයෙම ඔය ටික ඉවර කරානම් මට දවස් අදත් ගෙදර ඉන්න තිබ්බ නේ..
නෑ.. නෑ කලින් ගිය එකමයි හොද.. නැත්තන් මට ඒන්ජල්ව මග ඇරෙනව නේ.. 😇
කාට හරි මං හිතන දේවල් ඇහෙනවා.. එයාල එක දිගටම කියාගෙන යයි..
පිස්සෙක් පිස්සෙක් මූ පිස්සෙක් කියලා.
මං මටම හිනා වෙලා පොඩි කඩේකින් පොඩි පොඩි කෑම ජාති කැටියක් අර ගත්තා.. මං ගෙදරින් ඇවිත් තාම පැය දෙකක් වත් නැති උනත් මට දැනුනේ විනාඩි කටුව තප්පර කටුවේ වැඩේ බාර අරගෙන කියලමයි..
කොහොමින් කොහොම හරි තවත් විනාඩි දහයක් ඇතුලත කිසිදු අතුරු ආබාදයකින් තොරව මං ගෙදර ආවා..
කාර් එක පාර්ක් කරපු ගමන් ඔක්කොම දොරවල් ටික ලොක් කරලා කාර් එකේ යතුරත් කරක කරක මං හැදුවේ ගේ ඇතුලට යන්න.. හදිස්සිය මොකේ අස්සටද අත දාන්න බෑ වගේ තිබ්බ කලබලේට කරක කරක ඉදපු යතුර කොහෙටදො විසිවෙලා ගියේ මට තවත් පැය භාගෙක විතර වැඩක් සෙට් කරලා..
10 second later
හරි හරි දෙයියනේ.. මට ටේව බලන්න තමා මෙච්චර ඉක්මනට ගෙදර එන්න ඕනි උනේ.. ඕකට මගෙ කටින් අහගන්න නේ ඔයාට ඕනි උනේ.. දැන්වත් යතුර හොයලා දෙන්නකෝ..
ඒත් එක්කම ආශ්චර්‍යක් වගේ අලුතින් ගෙනාපු රෝස වැලේ රැදවිලා තිබුන යතුර මගේ ඇස් දෙකේ ගැටුනා..
ඔයා හරිම නරකයි දෙයියෝ.. මං ඒක කියනකන්ම හිටියා නේද...
මං යතුරත් අරන් සාක්කුවට දාගන්න කලින් සාක්කුවට අත දාලා බැලුවේ කලිසමේ හිල් තියනවද කියලා.. ඒ තරම් මට මගේ ලක් එක ගැන ශුවර්..
කොහොමින් කොහොම හරි දොරත් අන්ලොක් කරලා මං කිචන් එකට ගියේ ගෙනාපු කෑම ටික තියන්න.. ඒ යනකොට මට දකින්න ලැබුනේ මේ ලෝකෙ තියන ලස්සනම දර්ශනය.
.
.
.
.
YOU ARE READING
Unimaginable Angel..✅TK😇[Complete]
Short Storytaekook short story Sope,namjin Covered by lchi_jk