යුන්ගි නුරායාගේ ගේ ලගින් කාර් එක නැවැත්තුවා..යුන්ගිත් මාර්ස් එකයි කැප් එකයි හදාගෙන නුරායා දිහා බැලුවේ එයාත් හරිද වගේ අහන්න..යුන්ගි නුරායට බහින්න හෙල්ප් එකකූත් දීලා නුරායාගේ ගෙදරට ආවා.. යුන්ගිත් නුරායා පස්සෙන්ම ගියේ වටපිටාව පොඩ්ඩක් බලන ගමන්..ඉස්සරහා ඇතුලට යන තැනම බේබී රෝස් පැල වවලා තිබ්බේ පොඩි පෝච්චි වල..සමහර පැල වල මල් පිපිලා..ඒවා හරිම ලස්සනයි..ඒවා දැකලා යුන්ගිගේ මූනේ හරි ලස්සන හිනාවක් තිබ්බා ..ඒ දිහා බලාගෙනම ඉද්දී නුරායා ගෙදර දොර ඇරලා ඇතුලට ගියා..
Nuraya POV
යුන්ගිශී මාවත් එක්කන් මගෙ ගෙදරට ආවට පස්සේ මට බහින්න උදව් කලා..මමත් ක්ලචස් එකේ උදව්වෙන් අමාරුවෙන් ගිහින් දොරත් ඇරන් ඇතුලට ගියා..මම දැක්කා මගේ පස්සෙන් යුන්ගිශි එනවා..ඒත්..මම එයාට ඇතුලට එන්න කියනවාද??එයාට කොහොමත් මම වගේ කෙනෙක් ඉන්න තැනකට එන්න කියන්න හොද නෑ..ඒක එයාගේ තත්වෙට හොද නෑ..අනික එයා දැන් මට කරන්නෙත් ලොකු උදව්වක්..බැරි වෙලාවත් මේ දේ මීඩීයා එකට ගියොත් මම ඉවරයි..ආමීලා මාව මරන් කයි..මම දන්නාවනෙ අපේ ෆැන්ඩම් එකේ හැටි..BTS වෙනුවෙන් පන උනත් දෙයි ඒ වගේම පන උනත් ගනී..එහෙම හිත හිත මම ඇතුලට ගියත් මම එකපාරටම ගැස්සුනේ යුන්ගිශිගේ කට හඩින්..
"මේ..මට ඇතුලට එන්න කියන්නේ නැද්ද??"
යුන්ගිශි ඇහුවේ main door එකට බර වෙලා අත් දෙකම සාක්කුවට දාන් හිනා වෙලා..
"ඒත් යුන්ගිශී.."
මම එහෙම කිව්වේ මට ගෙදරට ආපු මනුස්සෙක්ට හිටගෙන ඉන්න කියන්නත් බෑ..ඒ වගෙම යුන්ගිශි වගේ කෙනෙක්ට ඇතුලට එන්න කියන්නත් බෑ..
"වේ??"
"මේක යුන්ගිශීගේ ගෙදර වගේ නෙමෙයි..මගේ දිහා එච්චර comfortable නෑ..අනික යුන්ගිශි වගේ කෙනෙක්ට මෙහෙ හරියන එකකුත්.."
මට ඉතුරු ටික කියන්න හම්මුනේ නැත්තේ යුන්ගිශි කතා කරන්න ගත්ත නිසා..
"ඔහ්..චින්චා..මොකක්ද ඔයා කියන්නේ..මෙහෙ මට හරියන්නේ නෑ..ඔයා කියන්නේ මම මේ තැනට ආවේ උඩින් පාත් වෙලා කියලාද?? ඔයා මම හිටපු ගෙදර දැකලා නෑ..මේ ගෙදර දාහෙන් සම්පතක්.."
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanficමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty