අහිංසකාවි මගේ
( One shot )" දුල් ....!! මින් මින්ගෙ රූම් එක අස් කරලා , ඇඳුම් ටිකත් හෝදලා දානවා ...."
" යේ ...."
ඒ දුල් .... ජන්ග් දුල් මිණී .... ඒ ඇගේ මව ඇයට තැබූනමයි .... ඔම්මා ශ්‍රී ලංකාවෙන් කොරියාවට ආව තරුණියක් .... ඇය ආදරේ කරන්නෙ කොරියාවෙ තරුණ ධනවත් ව්‍යාපාරිකයෙක්ට .... ඒත් අවාසනවකට වැඩි කලක් ඇයට ජීවත් වීමට නම් නොහැකි වුණා ....
ඉණටත් පහළට වෙනකම් කඩා හැලෙන දිග කළු පාට කොණ්ඩය .., උපතින්ම ලැබුණු රන්වන් පැහැ සම .... හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් දෙක .... කළු දිග ඇහිපිල්ලම් වලින් වලින් ලස්සන වුණ ඇස් දුල්ගෙ ඔම්මගෙන් ලැබුණු දායාද .... දුල්ගෙ ඔම්මා නැතිවෙද්දී දුල්ට යාන්තම් අවුරුදු 3 ලැබුවා විතරයි .... දුල් පුංචි නිසාමයි දුල්ව බලා කියාගන්නත් කියලා කෙල්ලගේ අප්පා කුඩම්මෙක් ගේන්නේ ....
ආපු මුල් දවස් වල දුල්ගෙ කුඩම්මා දුල්ට පණ ඇරලා .... ඒත් ඒ ටික කාලයයි .... දුල්ගෙ අප්පා , ජන්ග් හෝ සොක් ගෙදර නැති වෙනකම් ඉඳලා චේ යොන්ග් දුල්ට ගහන්න බනින්න පටන් ගත්තා ....
" ඔම්මෙක් නැති කාලකණ්ණි එකී .... හිතන් ඇති ලොකු වෙලා අප්පගෙ බූදලේට වග කියන්න .... හහ් , ඒවා කොහෙද මාත් එක්ක ....? "
ජන්ග් හෝ සොක් , කොරියාවෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් .... සල්ලි වලින් කිසි අඩුවක් නෑ .... ඒත් දුල්ගෙ කුඩම්මා ටිකක් එක විදිහක් .... එයා මේ දේපළ කම්පැනි එකේ ශෙයාර්ස් කිසි දෙයක් දුල්ට අයිති වෙනවට කැමති වුණේ නෑ ....
ටික කාලයක් යද්දි හෝ සොක්ගෙන් දුල්ගෙ කුඩම්මා වුණ චේ යොන්ග්ට දුවෙක් ඉපදෙනවා .... අනේ ඊට පස්සෙ පුංචි දුල්ට වුණ වෙනස්කම් තව තවත් වැඩි වුණා .... ගෙදර ඉන්න සේවක සේවිකාවො හෝ සොක්ට කියලා චේ යොන්ග් අයින් කෙරෙව්වෙ එයාම ගෙදර වැඩ කරන්නම් කියලා .... එයාගෙ පදේට නටන කීප දෙනෙක්ව විතරක් චේ යොන්ග් තියා ගත්තා .... ඒ කවුරු හිටියත් ගෙදර වැඩ කරන්න වුණේ නම් පුංචි දුල්ට .... ඒ විතරක්ම නෙවෙයි ජන්ග් මින් හී , ඒ කියන්නෙ චේ යොන්ග්ගෙ දුවව බලා ගන්න වුණෙත් කෙල්ලටමයි ....