Six

1.9K 405 138
                                    

මං ටේ දිහා බලන් හිටියා හුගක් වෙලාවක ඉදන්..

කුකි...

ම්ම්... මගේ එක අතක් ඒ වෙනකොටත් ඒ ඉණවටේ එතිලා තිබුණා.. අනික් අතින් මං ඒ කම්බුල සිනිදුවට ස්පර්ශ කරන ගමන් ඒ ඇස් දිහා බලන් හිටියා...

ඒත් එක්කම ටේ මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙලා එයාගෙ අතේ තිබුන මොනව හරි දෙයක් මගේ මූණේ ගාලා මාවත් තල්ලු කරලා දාලා පුලුවන් තරම් වේගෙන් සාලෙට දිවුවේ මං ෆූල් කන්ෆියුස් වෙලා බලන් ඉද්දී..

මං කම්බුල අතකින් පිහදලා අත දිහා බැලුවා.. ඒ තිබුනේ පිටි මං ඒ දිහා බලලා තනියෙන් හිනා උනා.. ටික වෙලාවකින් පිටි බෝතලේම උස්ස ගත්ත මාත් සාලෙට දිවුවා..

මාව බලාපොරොත්තුවෙන් වගේ ටේ පඩිපෙලෙනුත් භාගයක් නැගලා කිචන් එකේ දොර දිහා බලන් හිටියා.. මාව දකිනවත් එක්කම මහ හයියෙන් හිනාවෙලා උඩට දුවපු ටේගෙ පස්සෙන් මාත් උඩට දිවුවා.. මට විරිත්ත විරිත්ත උඩ හැම තැනම දුවපු ටේ ආය පාරක් එහා පැත්තේ තිබුන පඩිපෙල දිගේ පහලට දිවුවා..

මාත් ටික වෙලාවක් එයාගෙ පස්සෙන් දුවද්දී එයාගේ වේගෙ ටික ටික අඩු උනා.. ඒක ප්‍රයොජනේට ගත්ත මං එයාගෙ ලගට කිට්ටු වෙලා ඒ ඉණ වටේ අත් යැවුවේ අතේ තිබුන පිටි බෝතලේ බිමට අත ඇරලා.. හෙමින් සැරේ ඒ කම්බුලක පිටි ගාපු මං ටේව මගේ පැත්තට හරවලා ඒ නලලට හාදුවක් දුන්නා💆💆

එයත් ඒ එක්කම වගේ පපුවට තුරුල් උනේ මං අනිත් අතත් ඒ ඉණ වටේ යවද්දි..

...............................................................

දවස් දෙකකට පස්සේ මං වැඩට ගියේ ටිකක් වැදගත් මීටින් එකක් තිබුණ නිසා.. ටේව දාලා යන්න හිත දුන්නෙ නැති උනත් කරන්න තියන වැඩ ටික කරන්න ඕනිම නිසා මං ගෙදරින් ආවේ ටේට සියපාරක් විතර එකම උපදෙස් ටික රිපීට් කරලා..

හවස හතර විතර වෙද්දී මට වැඩ ටික ඉවර කරගන්න පුලුවන් උනා.. ඒත් එක්කම මට මතක් උන දෙයක් නිසා ෆෝන් ශොප් එකකට ගිහින් මං ටේට ෆෝන් එකක් ගත්තා.. එතකොට මට පුලුවන් නේ ඔෆිස් එකේදි උනත් මගෙ ඒන්ජල් එක්ක කතා කරන්න..

පුලුවන් තරම් ඉක්මනට මං අපාර්ට්මන්ට් එකට කාර් එක ඩ්‍රයිව් කරා.. කාර් එක ගේට් එකෙන් ඇතුලට දානවත් එක්කම ටේ දොරත් ඇරන් එලියට දුවන් ආවේ මූණ පුරාම හිනාවක් තියාගෙන..

Unimaginable Angel..✅TK😇[Complete]Where stories live. Discover now