SHORT FF (COMPLETED)

158 22 10
                                    

If I Try To Married My Idol
#Short Ff part : 01

ආදරය මේ විදිහටද පැමිණිය හැක......😜😁

ඔයාවයි ඔයාගේ අයිඩල්වයි හිතේ තියාගෙන කියවන්න.........🌹

____________________________________________

"අහ්....මෙහාට එන්න...... "

මිස් මම හිටපු දිහාවට අත දික් කලාම මේසෙ අස් කර කර හිටපු මම එකපාරටම ගැස්සිලා ගියා.......

"මම....... මමද........??"

මම එහෙම ඇහුවේ මාත් එක්ක තව හතර දෙනෙක් හිටපු නිසා හරියට මමමද කියලා ශුවර් කරගන්න........

"ඔව්....... ඔයා තමා.... අහ් මේ ටික අරගන්න... ඕවා පරිස්සමට හෝදලා දාන්න ඕනෙ තේරුණාද.........
ඕවා ගොඩක් වටින රෙදි........"

කියන ගමන් ලොකුම ලොකු මේස රෙදි හතරක් මගෙ ඇගට විසික් කළා...

"ඒත් මිස් ඇයි මමම..... මම ස්ටෝර් රූම් එකේ වැඩ ඉවර කළා විතරයිනෙ......"

මම  කිව්වේ උදේ ඉදන් ස්ටෝ රූම් එකේ වැඩ කරලා මගෙ පණ ගිහින් හිටපු නිසා.....

"ඉතින් මට මොනවාද කියන්නෙ..... තමුන් මෙහේ ආවේ වැඩ කරන්නනෙ නේද?..."

කියලා ගේ දෙවනත් වෙන්න වහලෙ උඩ යන සද්දෙන් කෑගැහුවා......

"ඔව්......"

කියලා බිම  මම බලාගත්තේ ලැජ්ජාවටත් එක්ක......

"වැඩ කරන්න ආවනම් කටපියාගෙන වැඩ කරනවා....
එනවා මෙතන එකට එක කියවන්න.....
යනවා මෙතනින්......."

කියලා මට බැනලා මාව එලෙව්වා......

ආශ්...... මගුල.....අර ගෑනිට හොදක් නම් වෙන්න එපා...

මම එහෙම හිතින් බැන බැන කොච්චර බර වුණත් තනියමම රෙදි ටික  බාත්රූම් එකට අරගෙන ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා...මේස රෙදි කිව්වට ඒවායෙ තිබුණෙ පුදුම බරක්....

බේසමට වතුර පුරවලා  සබන් කුඩු දාලා මේස රෙදි ටික පෙගෙන්න දාපු මම , බාතෲම් එකේ කොනක ස්ටූල් එකක් තියලා ඉදගත්තෙ ටිකක් රෙස්ට් කරන්න හිතාගෙන.....

උදේ හයට නැගිට්ටම ආයෙ නින්දට යනකන්ම මේ ගෙදර වැඩ...ආහ් වැරදුනා.... ගෙදරක් කිව්වට මේක ගෙදරක් නෙමේ මාළිගාවක්.....

You've reached the end of published parts.

⏰ Last updated: Mar 31, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

IF I TRY TO MARRIED MY IDOL..❤️Where stories live. Discover now