🖤 pov
අද දවස ගැන කතා කරලා වැඩක් නෑ..අද නිකමට වගේ එලියට ගිය වෙලාවේ මට රදිශ් යූනා දෙන්නාව හම්මුනා..මට කොහොමත් පිට වැඩිපුර ඉන්න බැරි නිසා තුන් දෙනාම කතා වෙලා හන් ගග ලගට ගියේ මේ සීත කාලේ ලේසියෙන් කවුරුත් හන් ගග ලගට එන්නේ නැති නිසා..ඒකත් රෑ වෙලා තියෙන නිසා..තුන් දෙනාම එතනට ගියාට පස්සේ මම හිතපු දේ වැරදි කියලා හිතුනේ එතන එක්කෙනෙක් හිටිය නිසා..කමක් නෑ එක් කෙනයිනේ කියලා හිතලා මමත් මන් දාන් හිටපු මාස්ක් එක ගලවලා හිටියේ..අපි තුන් දෙනා කතාවක් දාන් ඉද්දී රදිශ් එයාගේ වයිෆ් යූනා එක්ක ඉන්න විදිහ දැක්කම මටත් ආස හිතුනා නුරා එක්කත් එහෙම ඉන්න..එදා මගේ ගෙදරින් ගිය දවසේ ඉදන් නුරායා මාව හුගාක් මග ඇරියා..මම දන්නවා මම කලේ ලොකු වැරැද්දක්😔..එයාට එදා එහෙම කතා නොකර ඉන්න මට තිබ්බේ..ඒත් උන දේ උනා..මට ඒකට සමාව ගන්නවත් එයා මා එක්ක කතා කලේ නෑ..එයා එයා යූස් කරන සිම් එක පවා වෙනස් කරලා..මට පුදුමයි එයා ගැන.. වෙන කෙල්ලෙක් නම් බලන් ඉන්නේ අපි වගේ කොල්ලෙක් හම්බ වෙනවට..ඒ වගේ ලැබෙන චාන්ස් එකක් ලේසියෙන් මිස් කර ගන්නේ නෑ..ඒත් නුරායා..එයා..එයා ගොඩක් වෙනස්..එයා මගේ ගෙදර හිටපු දවස් වල උනත් මගෙන් අයුතු විදිහට ප්රයෝජන ගත්තෙ නෑ..මේ කෙල්ල නම් මාව පිස්සු වට්ටලා ඉවරයි..ඒ වගේ කෙල්ලෙක්ව මට ලේසියෙන් නැති කර ගන්න බැ..මම එයාට ගොඩාක් ආදරෙයි..ඒත් එයා එහෙම කරයිද??
ඔය වගේ ප්රශ්න මේ කාලේ පුරාවටම මගේ ඔලුවේ හොල්මන් කලා..මට පුලුවන්කම තිබ්බා නුරාගේ ගෙදර ගිහින් එයාව මීට් වෙන්න..ඒත් මම එහෙම නොකලේ ඕනෑවට වඩා එයාට වදයක් උනොත් එයාට මාව එපා වෙයි කියලා හිතුන නිසා..😔කොහොම හරි අර හිටපු කෙනා එතනින් යන්න හදද්දී එයාව වැටුනා..හිටියේ අපි තුන් දෙනා විතරක් නිසා අපි තුන් දෙනාම එතනට ගියේ එයාට කොහොමද කියලා බලන්න..ලගට ගියාම දැක්කේ ඒ ඉන්නේ ගර්ල් කෙනෙක් කියලා..ඒ නිසාම මම පොඩ්ඩක් විතර එහාට උනේ මාව අදුන ගනී කියලා..ඒ නිසාම රදීශ් ඒ ගර්ල්ගෙන් කොහොමද කියලා අහද්දී එයා හොදින් කියලා ඔලුව වැනුවා..රදීශ් අත දිග් කලාම ඒ අත නොගෙනම තනියම නැගිට්ටා..මේ ඉන්නේ නම් පුදුම අහන්කාර කෙල්ලෙක් කියලා එවෙලෙ නම් මට හිතුනා..ඒත් එයා රදීශ්ට එයා තැන්ක්ස් කරපු වෙලාවේ මගෙ ඔලුවට කරන්ට් එකක් වැදුනා වගේ උනා..නුරායා..😳මේ ඉන්නේ නුරායාද?? ඒ නිසාම මම එයාගේ අතින් අල්ලන් අපි ඉන්න පැත්තට හැරෙව්වා..ඔව් ඒ නුරායා තමා..ඒත් උන දේ නිසා හොහිතපු වෙලාවක රදිශ්ට එයාගේ නංගිව හම්මුනා..එයා එයාගේ නංගිව හොයන්න ගොඩක් මහන්සි උනා..ඒත් එයා නුරායා කියලා දැන ගත්තාම මට දැනුනේ දුකක්ද සතුටක්ද කියලා තේරුනේ නෑ..මොකද රදීශ් තරම් නුරා එයාගේ සහෝදරයාව කෙයා කලේ නෑ කියලා මට හොදටම තේරුනේ එයා මගේ දිහා ඉද්දී කවදාවත් ඒ ගැන කියපු නැති නිසා..ඒත් ඊට පස්සේ නුරා කියපු දේ නිසා මට ඇත්තටම නුරා ගැන ගොඩක් දුක හිතුනා💔..මොකක්..මේ කෙල්ල ඒ තරම් දුක් විදලද කියලා..ඒකත් අච්චර පොඩි වයසකදී..ඇත්තටම මට රදීශ් ගැන තරහක් ආවා..ඒ එක්කම වගේ නුරා ගිය නිසා මමත් එයා පස්සෙන් හිමින් ඇවිදන් ගියේ රදිශ්ටයි යූනාටයි සමු දීලා..ටික දුරක් ගිය මම දැක්කේ බිත්තියකට කේන්තියෙන් අත මිට මොලවලා ගහන නුරායාව..හිනා වෙලා ඉන්න එයාට කේන්ති ගියාම ඒක දරා ගන්න බෑ කියලා මට ඒ ටික වෙලාවට තේරුම් ගියා.. ඒ දිහා හිස් බැල්මෙන් බලන් හිටපු මම එතනට ගියේ එයා බිම ඉදගෙන ඔහේ බලන් හිටපු නිසා..හරි නම් එයා මේ වෙලේ හොදටම අඩන්න ඕනේ..ඒත් එයා..
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty