6 TH PART

345 68 12
                                    

පහුවදාම alarm එකේ සද්දෙට ඇහැරුනු ජීමින් කල්පනා කලේ ඊයේ උනු වැඩෙත් එක්ක රස්සාවට යනවද නැද්ද කියලා..

🐥 - "යන්නේ නැතුව ඉන්න බෑනේ.. පලවෙනි දවසෙම ..

ආහ් ඔලුව.. අයියෝ අත මගේ.. ආහ් දනවා හොදටම ..😩

අර ගොන් පූසා කරපු වැඩේ නිසා අත ගන්න දෙයක් නෑ.. මෙහෙම ගිහින් කොහොමද වැඩ කරන්නේ..

ආහ්.. කරන්න දෙයක් නෑ.. කොහොම හරි වේදනාව ඉවසගන්න වෙනවා.. ජින් hyung ඉන්නවද දන්නේ නෑ එයාටවත් කියලා බෙහෙත් ටිකක් දාගන්න ඕනේ.."

එහෙම හිතපු ජීමින් phone එක හොයන්න ගත්තා..

🐥 - "ආහ් මගෙ phone එක කෝ.. කොහේ දාලද.. බෑග් එකෙත් නෑනේ.."

ජීමින් කල්පනා කරන්න ගත්තේ එයාගේ phone එකට මොකද්ද උනේ කියලා..එතකොටම..

🐥 - "හරිනේ... ඊයේ අර හා පෙනුමක් තියෙන මැරයා phone එක උදුරගත්තනේ මගෙන්..
ඒකත් අර පූසා අතට දුන්නා නේද..

අනේ දෙවියනේ .. ඌ අතේ phone එකත් මගේ..

ඊයේ රෑ ජින් hyungට call කරන්න කිව්වත් අමතක උනානේ.. hyung බය වෙලාද දන්නේ නෑ..

කොහොමත් phone එක නැතුව මොකෙන් කියන්නද..😔

ඒක ගැන තියෙන බලාපොරොත්තු අත ඇර ගන්න වෙයි.."

එතකොටම ජීමින්ගේ ඔලුවට ආවේ මැරුණු මනුස්සයව..

එයාගේ මූන තවත් අදුරු උනා..
මේ මතකය එයාව කවදාවටවත් වඩා හොදටම පෑරුවා.. තුවාල වල වේදනාවටත් වඩා එයාගේ හිත වේදනා දෙන්න පටන් ගත්තා..

තාම වේදනා දෙන ඔලුවත් අල්ලගෙන එයා කෙලින්ම bathroom එකට ගිහින් shower එක ඇරියා..

උදේ පාන්දර ඇගට වැටෙන සීතල වතුර වලින් එයාගේ තුවාල තව තවත් වේදනාවට පත්වුනා.. ඒත් ටිකකින් ඒ වේදනාව සහනයක් බවට පත් උනේ දැවිල්ල අල්ලපු තුවාල සිසිල් වෙන්න පටන් ගත්තු නිසා..

ජීමින් ගෙදර තිබ්බ බෙහෙත් වගයක් අතේ පිච්චිලා තියෙන තැන් වල ගාලා bandage එකකින් අත ඔතාගෙන .. බොහොම අමාරුවෙන් ඇඳගෙන ගෙදරින් එලියට ගියේ ලොකු බයකුත් හිතේ තියාගෙනමයි..

වෙලාවටම office එක ගාවට ගියපු ජීමින්ගේ බඩ කෑ ගහන්න පටන් ගත්තේ එයා ඊයේ ඉදන්ම හරි හමන් කෑමක් කාලා නැති නිසා..එයා ලඟම තියෙන පොඩි කඩේකට ගියේ කන්න දෙයක් ගන්න හිතාගෙන

Meaw's Endless Love (YoonMin)Tahanan ng mga kuwento. Tumuklas ngayon