වර්ෂ 1999______________________________________
ජංකුක් පොඩි කාලෙදීම එයාගේ ඔම්මා accident එකකින් නැතිවෙලා තියනවා. එතකොට එයාට හරියටම අවුරුදු දෙකක් වගේ.
පුංචි ජන්කුක් ඒ දවස් වලදී දන්නෑ මැරෙනවා කියන්නේ මොකක්ද කියලා. එයා නිතරම අප්පාගෙන් අහනවා ඔම්මා කවද්ද එන්නේ කියලා. ඒත් අප්පාගේ උත්තරේ හැමදාමත් එයා ලඟදිම ඒවි. කියන එක
Baby Jungkook's pov
''අප්පා ඔම්මාට එන්න කියන්නකෝ .''
''හරි ජංකුක් ඔම්මා ඉක්මනට එයි දැන් නිදා ගන්න.......................''
මට දැන් අවුරුදු 5.
ඒත් ඔම්මා මාව බලන්න එන්නෑ .මම තාවත් අප්පගෙන් ඒ ප්රශ්නේ අහන්නේ නෑ. මොකද අප්පාගෙන් ඇහුවත් එයාගේ උත්තරේ හැමදාමත් එකම තමයි.මම දවසක් දකින්න ඕන නැති දෙයක් දැක්කේ අප්පාව හොයාගෙන යද්දීයි අප්පා ඔම්මා එක්ක ඉන්නවා.මම දුවගෙන ගිහින් ඔම්මා කියලා ඒ කෙනාව බදා ගත්තාම ඒයා මාව අහකට කරලා දැන්මා.
මට හිතාගන්නබෑ ඇයි ඔම්මා ඒම කලේ කියලා .
''ජංකුක් පුතා එන්නකෝ.''
''ඇයි අප්පා ?''
"මම හිතුවා ජංකුක්ට අලුත් ඔම්මා කෙනෙක් ගෙනල්ලා දෙන්න පුතා කැමතිද?."
අප්පා එහෙම කියලා අර ඉන්න කෙනාව පෙන්නලා මේ තමයි ඔයාගේ අලුත් ඔම්මා.
ඒ කෙනත් මට ඔම්මා වගේ ආදරෙන් සැවකුවා ඒත් ඒ සතුට තිබුනේ ටික කාලයයි මොකද ඔම්මා මට මල්ලී කෙනෙක් ගෙනාවා ඒක නිසා මම ගැන ඔම්මාට බලන්න වෙලාවක් තිබුනේ නෑ . අප්පා එයා හැමදාම business වැඩ වලට හිර වෙලා හිටිය නිසා ගෙදර ආවෙත් මාසෙකට සැරයක් වගේ පුංචි කාලයයි.මට මගේ වැඩ සේරම තනියමම කරගන්න සිද්ද උනා .
මට මගේම ගෙදර ලොකු පාලුවක් දැනෙන්න ගත්තා. මට ඔම්මාව ඕනේ උන අවස්තා අනන්තයි ඒත් මම ටික කාලෙකින් දැනගත්තා ඔම්මා කවදාවත් එන්න බැරි තැනකට ගිහිල්ලා කියලා.....
අද මගේ school එකේ පලවෙනි දවස. හැම ලමයම තමන්ගේ ඔම්මාගෙයි ඔප්පාගෙයි අතේ එල්ලිලා එනකොට මම තනියම ආවා. අනිත් ලමයින්ගෙ ඔම්මලා එයාලගේ ඔලුව අතගාලා හාදුවක් දීලා යනකොට මට මහා ලොකු දුකක් එක්ක ඊරිසියාවකුත් හිතුනා ඒ ලමයි ගැන. මම කෑම කනකොට ලමයෙක් ඇවිල්ලා මට අනාතයා කියලා කියුවා.මම ඒ වචනේ තේරුමවත් දන්නැති උනාට මට ගොඩක් දුක හිතුනා.මම එතන අඩ අඩා ඉද්දී ලස්සන ගෑනු ලමයෙක් ඇවිල්ලා,ඇයි අනේ ඔයා අඩන්නේ? මේ බලන්න ඔයා අනාතයෙක් නෙමෙයි මම ඉන්නවානි ඔයාට කියලා මගේ කදුලු පිහුවා.කෝ දැන් හිනා වෙන්න.මමන් කදුලු පිහාගෙන ලස්සනට හිනාවුනා .ආන්න එහෙම ඉන්න අඩද්දි මූනත් කැත වෙනවා.
YOU ARE READING
I NEED YOU💕 (ONESHOT)
Fanfictionමේ ලෝකය හරිම කුරිරුයි.අපිට ලැබෙන දේවල් වලට වඩා අපිට අහිමි වන දේවල් වැඩියි.ඒත් හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුව.අපි හිටිය කාලය ඉවරයිනම් අපි කාටත් යන්න වෙනවා.ඒක දුක් නොවී බාර ගන්නෝනි.මොකද අපි සදාකාලික නැති නිසා😔