@Jungkook's room
"මං ආවෝ!!!" කියාගෙන Jungkook වලන් කඩේ ගොනා වගේ කාමරේට පැනලා දොර වහගත්තේ දොර ලග තිබ්බ පොත් වගේකුත් පෙරලගෙන music room එකට දුවන ගමන්. ඇයි අර මාලිගාව තව ලොකු වෙලා නම් හෙම.
"අයිශප්පා රායි..." Jungkookගේ කටින් නිකම්ම පිට උනේ අඩි 10ක් උස එයාගේ music room එකේ වහලේ ගාවටම උස වෙලා තිබ්බ මාලිගව දැකලා මේක හරියට ජැක්ගේ මෑවැල වගේනේ කියල හිතන ගමන්. ජින් හියොන් හෙම මේක අස් කරන්න ආවොත් හෙම මගෙ බෙල්ල ගලවයි කියල හිතපු කුකී කල්පනා කලේ දැන් මොන දහම් ගැටයක් හරි දාලා මේක හන්ගන්නේ කෝමදෝ කියල. කමන්නෑ ඉතිම් ඇතතම කීනව මන් ඇහුවොත් හෙම කියලා හිතා ගත්තු Jungkook, කෝකටත් තෛලේ කියලා සේප් එකේ දර වහලා දාගත්තා🚪🚪.
මාලිගාව වටේට මහා පුදුමෙන් එහාට මෙහාට ගියපු jungkookට තේරුනා මේකෙ මහා අමුත්තක් තීනවා කියල. හැබැයි ඉතිම් සිගිති මොලේනේ. ඉතිම් එයා හිතුවා මේ අර වතුරට දැම්මම ලොකු වෙන නයි වගේ සීන් එකක් වෙන්න ඇති කියලා. ඒ නිසා එයා විකාර අදහස් ඔලුවෙන් අතඇරලා දාලා මාලිගාව වටේට ඇවිදලා කරලා, දැක්කම අංගොඩ room එකක් නොමිලේ බුක් කරලා දෙන්න හිතෙන විදියේ විකාර වැඩ කිඩ ටීකුත් දැම්මා.
කෝමහරි Jungkook පැයකට විතර පස්සේ මාලිගාව සමග විකාර නටා අවසාන කරලා ඒකට 'සිහින මැදුර' කියල නමකුත් දැම්මා. මොකද ඒක එයා හීනෙන් දැකපු මාලිගාව වගේම නිසා🏰.
"මලා ජෝන් කොතලාවල!" Jungkookට තරු විසික් උනේ දැන් වෙලාව 11.55 කියල දැක්කමයි. දැන් ඉතිම් මේ මහ රෑ පිගන් හෝදපන්කෝ මෝහිනියි එයාගේ නංගියි එක්ක.
"ප්ශිට්...🤖" Jungkookගේ කටින් නිකන්ම පිටවුනේ එයා මොකකදෝ පැටලිලා බිමට සමතලා වෙන්න ගියපු නිසා.
"මගේ කොදු බෙලි ඇට නාරටි කැඩිලා අබ්බගාත වෙන්න කලින් මේ අපාය අස් කරන්න ඕන." කියල Jungkook හිතාගත්තෙ එයාව මරන්න හදපු පෙට්ටි කෑල්ල අතට අරන් තරහටත් එක්ක මිරිකන ගමන්. ඒත් එක්කම ඒ පෙට්ටිය අස්සේ තිබ්බ සුදු පාට කොල කෑල්ලක් එලියට වැටිල හරිම සුකුමාර විදියට බිමට පාවෙලා ආවේ පුදුමයට පත් කරමින්. මොකද එයාට සීයට 1000ක් සුවර් ඕක එයා කලින් බලද්දි තිබ්බේ නෑ කියල.
STAI LEGGENDO
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...