කොහොම හරි ඔන්න ඉතිම් ඔහොම සතුටින් දවස් ගෙවිලා යද්දි තමා හිගන්නගේ පාත්තරේට හෙනහුරා පාත් උනා වගේ අපේ කුකීට බරසාර හෙණයක් ගැහුවේ.
මෙන්න මේක ජිනයි, නම්ජුනයි සෝපාවේ ඉදගෙන සිටි, හොබී තම අටවන පෙම්වතිය සමග මල් කඩමින් සිටි හිමිදිරි උදයක තමා සිද්ද උනේ.
ජින් ගෙදරට ආපු ලියුම් කියවමින් සිටි අතර නම්ජුන් ලයිට් බිල්, වතුර බිල්, wi-fi bill හෙම ගෙව ගෙව තමා හිටියේ.
මෙසේ චූන් එකේ සිටි ජින්ගේ මූණේ එක පාරටම වැහි අදුරක් වගේ 'රියල්' තරහක් මතු උනේ අපේ නම්ජුන්ගෙයි හොබී ගෙයි ඇගේ හිරිගඩු පිපෙන විදියට. ජිමින් සහ යූන්ගි මේ රසබර සටන නැරඹීමේ චේතනාවෙන් පුටුවට හොන්දට හේත්තු වෙලා කොනkata ගුලි වෙලා ඉද්ගත්තේ නාට්යය නැරඹීම කලාවක් නං උං දෙන්නා ඒකේ පිකාසෝලා නිසා.
ජුනී නම් පුටුවට තද වෙලා මලබද්දය හැදිලා වගේ වක් වෙලා හිටියේ අර යුමී කියන නැටිච්චිගේ නම්බරේ බ්ලොක් කරපු හින්දා ඒ මල හෝන්තුව ලියුමක් වත් එව්වාද කියලා හිතට ආපු පරාණ බයටමයි. ඒ භයානක සිතුවිල්ල හිතුවමත් එයාගෙ ගත හිත කීරි ගැහිලා ගියේ තමාගේ හබියට ඇති බයටම තමා. ඇයි එයානේ දන්නේ කේන්ති ගියාම එයාwa ඇදේදි වද දීල මරණ හැටි. ඒ මදිවට මාසයක් යනකං ඇගට අත තියන්නෙපා කිව්වොත් හෙම ඊට වඩා හොදයිනේ දියේ ගිලිලා මැරෙනවා.
කොහොම හරි කමන්නෑ මල පැනලා හිටපු ජින් මුකූත් නොකියා මිදුලට ගිහින්, ලොකු පොල්ලක් අරං (සීත කාලෙදි උදුනට දාන්න ගෙනාපු එකක්.) ඒක ආපහු තියලා, ලා රන්වන් පාටින් දිලිහෙන ටිකක් ලපටි සයිප්රස් පැළයක් ගලෝගෙන තමයි ආපහු ගෙට ආවේ. ඊට පස්සේ එයා සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ සෝපාවේ ආපහු ඉද ගත්තේ කකුල්ක් පිට කකුලක් හෙමත් දාලා.
"ජන්කූක්.... එන්නකෝ පොඩ්ඩක් පහළට මගේ සුදු බෝලේ....." කියලා ජින් හරීම ආදරබර හඩකින් ජන්කුක්ට කතා කලා. ආන්න ඒ වෙලාවේ තමා ජුනී උඩට ගත්ත හුස්ම ආපහු පහළට දැම්මේ.
VOCÊ ESTÁ LENDO
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanficcover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...