✨️ 1 part ( one shot ) ✨️

390 38 21
                                    

මේ 2032 අවුරුද්ද
ග්‍රීෂ්ම සෘතුව ගෙවිලා ගිහින් සරත් කාලය එලබෙමින් තිබුනෙ
හරියට බැලුවොත් මේ කාලෙ තියෙන්න ඕනෙ සාමාන්‍ය සෞම්‍ය කාලගුනයක් වුනත් ඊයෙ හවස ඉදන් එකපාරටම කඩාගෙන වැටෙන වැස්ස මගෙ හිතට අමුතු බරක් එකතුකරා..
කොච්චර නිදාගන්න උත්සාහ කරත් තවමත් නින්ද නම් අහලකවත් නෑ...
කාමරේ අඳුර අතරින් ටේබල් ලෑම්ප් විදිහට සකස් කරලා තිබුනු ලයිට් ස්ටික් වල ලා දම් පාට එලිය ලස්සනට විහිදෙමින් තිබුනා..

උදේ වෙනකොට වැස්ස අඩුවෙයිද.
අඩුවෙයිද...
අඩුවෙයිද...

මගෙ හිතට ආපු එකම සිතුවිල්ල ඒක...
මේ උදාවෙලා තියෙන්නෙ මගෙ ජීවිතේ අද මම මෙහෙම ඉන්න මට හයියක් වෙච්ච එකම දවස...

ජීවිතේ අනික් හැමදාකම දවසින් දවස අඩියෙන් අඩිය මාව පහලට වැටෙනකොට අවුරුදු දහතුනකට කලින් මේ අද වගේ දවසක මගෙ ජීවිතේ කඩා වැටුනු තැනින් එක දශමක් හරි ඉහලට එසවෙන්න මට ශක්තියක් ලැබුණා...

කල්පනාවෙන්ම ෆෝන් එක අරන් බලපු මට දොලොව රත්වුනේ වෙලාව දැක්කම

දෙයියනේ පහ හමාරත් වෙලා ...

ඇදෙන් බැහැපු මම බලන් හිටියෙ මගෙ එහා පැත්තෙ නිදන් ඉන්න මගෙ පුංචි පැංචි දිහා...
අද වෙනකොට මගෙ ජීවිතේ සතුටක් විදිනවනම් ඒ හේතු දෙකක් නිසා...

එකක් තමයි තාමත් අවුරුදු හයක් වෙච්ච මගෙ චූටි මැනික ...
ටේහී...

අනික් හේතුව...ආහ්..
ඒක දිග කතාවක්...

ටේහීට බ්ලැන්කට් එකත් පොරවලා මම ආවෙ කිචන් එකට.. 
වැස්ස ටිකක් අඩුකරලා තිබුනත් තාමත් පුංචි පොදයක් වැටෙමින් තිබුනා..
සීතල නිසාද මංදා චූටි බඩගින්නකුත් ආපු නිසා හොදට නෙස්කැෆේ වැඩිපුර දාලා කිරිකෝපි එකක් හදාගෙන මම ආවෙ දැන් අවුරුදු ගානක් තිස්සෙ මගෙ ජීවිතේ මම වැඩියෙන්ම නිදහසේ කාලෙ ගෙවපු මං කැමතිම තැන....

ජනාකීර්ණ සෝල් නුවර උනත් ටිකක් නිස්කලංක පරිසරයක හන් ගගට මුහුණලා තිබුනු මගෙ මේ එපාර්ට්මන්ට් එකේ පුංචි සදැල්ල තමයි මගෙ හිත නිවන තැන...

මම කෝපි එකත් අරන් එතන තිබුනු සුවපහසු කුශන් එකක වාඩිවුනේ මද අඳුර අතරින් එලිය වැටීගෙන එන වෙලාවෙ වැහි කෝඩෙත් එක්ක වෙනස්ම ලස්සනක් පේන හන්ගග දිහා බලාගෙන...

✨️✨️  Magic Shop ✨️✨️Where stories live. Discover now