⚠️⚠️sexual assault⚠️⚠️
.....................................................................................
"ඔයාට පිස්සු හැදිලද හන්‍යූල්?" ජන්කුක් ඇහුවේ ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන්.
"ඔව්...ඔයා ගැන..." කියපු හන්‍යූල් නැමුනේ ජන්කුක්ව සිපගන්න.
ජන්කුක්ට එකපාරට මේ මොකද උනේ කියලා හිතාගන්න බැරුව එයා එතනම නිකං හිටගෙන හිටියේ හරියට ගල් ප්ළිමයක් වගේ. හන්‍යූල්ගේ හුස්ම එයාගේ මූණේ වදිනකම්ම හෝන්දු මාන්දු වෙලා හිටපු ජන්කුක්, එකපාරට හන්‍යූල්ව අහකට තල්ලු කරලා දැම්මා. ඒත් එක්කම එයාගේ අත් දෙකෙං අල්ලගත්ත හන්‍යූල් එයාව බලෙන්ම වගේ සිප ගන්න හැදුවා. ජන්කුක් හන්‍යූල් එයා වෙතට නැමෙන කොටම මූණ අහකට හරවාගත්ත නිසා හන්‍යූල් සිප ගත්තේ කුකීගේ බෙල්ල.
"ඒයි!!! අත අරිනවා මාව!!! තමුසෙට පිස්සුද ඕයි?" ජන්කුක් හන්‍යූල්ගෙන් ගැලවෙන්න දගලන ගමන් කෑගැහුවා. හැබැයි හන්‍යූල් නෙමෙයි ඒක කණකට ගත්තේ. එයා හිනා වෙන ගමන් ජන්කුක්ගේ බෙල්ල දිගේ එයාගේ කණ ගාවට වෙනකම්ම එයාගේ දිව අරන් ගිහින් එයාගේ බෙල්ල උරන්නයි හපන්නයි ගත්තේ එයාගේ ලස්සන දිග බෙල්ලේ පාරවල් හිටින විදියට. ජන්කුක්ට හරීම අප්‍රසන්න හැගීමක් තමයි දැනුනේ ඒ වෙලාවේ.
"shhhh....ජන්කුක්...." හන්‍යූල් කිව්වේ ජන්කුක්ගේ කණ හපන ගමන්.
"මාව අතාරිනවා...!" ජන්කුක් කිව්වේ හොදටම අඩන ගමන්. එයාට හරිම අප්පිරියයි...හන්‍යූල් එයාව ඉඹපු විදිය. එයා ඇස් වලින් කදුළු ගලන්න පටන් ගත්තේ එයාට ඇත්තක්කද හීනයක්ද කියලා හිතාගන්න බැරි මතකයක් වගේ දෙයක් හිතට ආපු නිසා. කාගේ හරී ම්ෘදූ කට හඩක් එයාගේ මතකයේ රැදිලා තිබුන නිසා.....ඒ කටහඩ එයාට මෙහෙම කිව්වා වගේ එයාට මතක් උන නිසා.
"මේ හැමදේමත්....ඔයාගේ විතරයි ජන්කූක්...."
CZYTASZ
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...