😥......ඇත්ත එලියට

108 33 13
                                    


ජෙනීගෙ මරනෙන් පස්සෙ ආරා ගොඩක් අසනීප උනා.ඔව් ඒ බෙහෙත් වල බලපෑම ආරාට තදින්ම වැදිලා තිබුනෙ. ටේගෙ කදුලු වල ශක්තියට ආරාව බේරගන්න පුලුවන් උනා.

ටේ ජෙනී නැතුව ආරව හදාගත්තා.ඒකට එයාට ගොඩක් කල් පුරුදු වෙන්න උනා.ඒත් ටේගෙ සහෝදරයො 6දෙනා එයාව අතැරියේ නෑ .එයාලා ටේට ශක්තියක් උනා.කාලයත් එක්කම ආරාට අම්මා නැතුව ඉන්න බැරි උනා.ඒත් ආරා ටේගෙ බොරුව විශ්වාස කලා.

වර්තමානය💖

'ආරා ඔයා දන්නවද අපේ අම්මා මට ප්‍රින්සස් ඩ්‍රෙස් එකක් ගෙනත් දුන්නා.'

'ඔය ඇත්තද?'

'ඔව් මන් ඒක ඇන්දාම රපුන්සල් වගේ හිටියෙ'

'ආරා නැගිටිනවා.උගන්නන වෙලාවෙ කතාකරන්න බෑ කියලා ඔයා දන්නවනේ යනවා එලියට'

'ඒත් ටීචර්..මන්'

'මුකුත් කියන්න එපා යනවා එලියට'

'හරි ටීචර්'

ආරා අඩාගෙනම එලියට ආවා. එයා එලියට වෙලා බලාගෙන හිටියෙ කොයි වෙලාවෙද බෙල් එක ගහන්නෙ කියලා.ටික වෙලාවකින් බෙල් එක ගහලා නර්සරි එක ඉවර උනා.ආරා ගේට් එක ගාවට වෙලා ටේ එනකන් බලාගෙන හිටියා.ගොඩක් වෙලා ගියා.ඒත් කව්ෘත් ආවෙ නෑ.

'මොකද කරන්නෙ ආරා තාත්තා නෑනෙ.එයාට ඔයාව අමතක වෙලා.ඔව් ඔයාට කවුරුත් ආදරේ නෑ.' ආරා තමන්ටම කියාගෙන ගෙට් එකෙන් එලියට අවා.එයාට හිතුනා පාර දිගේ ඇවිදන් ගිහින් ගෙදරට යන්න.ඒත් එයා ටික දුරක් ගිහින් මහන්සි හින්දා කඩයක් ගාවින් ඉද ගත්ත.

'චූටි බබා කව්ද?' කඩේ මුදලාලි ආරා ගාව දනගහගන්න ගමන් ඇහුවා.

'මන් ආරා..'

'කෝ බබාගෙ අම්මා'

'අම්මා තරගෙකට ගිහින් මගෙ තාත්තා විතරයි මට ඉන්නෙ'

'ආ එහෙමද ?

'ඔයාට ගෙදර යන පාර වැරදුනාද?'

'මන් හිතන්නෙ එහෙම වෙන්න ඇති'

'ඔයාගෙ තාත්තගෙ නම මොකක්ද?'

'ටෙහ්‍යුන්ග් ..ඔයා දන්නවද එයාව'

'අනේ මන් දන්නෙ නෑනෙ..එයාගෙ පින්තූරයක් නැද්ද?'

'එයාගෙ නම් නෑ අම්මගෙ එකක් තියෙනවා...හ්ම්ම්ම් මේ' ආරා බෑග් එකෙන් ජෙනීගෙ ෆොටෝ එකක් අරන් පෙන්නුවා.

'මේ ඔයාගෙ අ..ම්..ම..ද?'

'ඔව් ඔයා දන්නවද?'

'නෑ....'

එතකොටම ටේ එතනට දුවගෙන ආවා.

'ආරා ඔයා මොකද මේ කරන්නෙ? මන් කියල තියෙනවා නේද තනියෙන් යන්න එපා කියල'

💖winter wishes💖  ( completed ✔)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ