ලෝකේ කොච්චරක් මිනිස්සු ජීවත් උනත්. තනි උන කෙනෙක් කොහෙන් හරි අපිට හොයාගන්න පුළුවන්. හොදට හොයල බැලුවොත්. ඒත් කවුද එහෙම හොයල බලන්න ඉන්නේ. හැමෝම තමන්ගේ ලෝක වල තනිවෙලා තමන්ගේ ජීවිතේ ගැටගහගන්න වෙර දරනවා. ඒත් ඒ වගේ කෙනෙක්ට අවංක ආදරයක් ලැබුණම මොකද වෙන්නේ කවුරුහරි හිතුවද ඒක. නෑ කවුරුත් හිතන්නේ නෑ.
කාත් කවුරුත් නැතිව සිතිවිලි අතින් තනි උන කෙන්නෙක්ව තේරුම් ගන්න අමාරුයි. එහෙම කෙනෙක් තේරුම් ගන්න හැමෝටම බෑ. ඒත් බැරි කමකුත් නෑ.මාත් තනි උන කෙනෙක්
කොච්චර සල්ලි තිබ්බත් මගේ හිතේ එලවන්න බැරි වෙන්නම තනිකම කියන දේ පදිංචි වෙලා
එහෙමයි මට හිතුනේ
ඒත් ඒ ඉස්සර
මොකද
මන් තවත් තනි වෙලා නෑ
තාම නොඉඳුල් උනත් දැනෙන්න ආදරේ කරන්න පුළුවන් ආදරවන්තියක් මන් ළග ඉන්නවා
එදා මගේ ලෝකේ එක අදුරු වනාන්තරයක් ගස් දුකින් බර වෙලා කුරුල්ලොන්ගේ අත්තටු කැඩිලා විසිරිලා ගිහිල්ලා
ඒත් අද ඒක ඊට හාත්පසින්ම වෙනස්
අද මගේ ලෝකේ වනාන්තරයක් නම් ඒක ආලෝකයෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා ගස් සුළගේ වේගයට ඒ මේ අත පැද්දෙන්නේ හරිම සතුටින් කුරුල්ලෝ තමන්ගේ හිතේ තියෙන සතුට පෙන්නන්න හැමතැනම පියාඹනවා
තවත් මගේ ලෝකේ අදුරේ ගිලිලා නෑ එකට ආලෝකය අරන් කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ
මන් ආයෙත් තනි වෙන්නේ නෑ කියන හැඟීම මගේ හිතා පුරාම පැතිරිලා ගිහිල්ලා
මන් ඒ හැඟීමට ගොඩාක් ආදරෙයි
අද වෙනදාටත් කලින් නැගිට්ටෙ මන් කොලේජ් එකට යන්න. කොලේජ් එකට ගියත් මට එච්චර යාළුවො නෑ. එදාට දෙන වැඩේ මග ඇරුනොත් අහගන්න කියලා මන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක කතා කරනවා. ඊට කිසිම විදිහක ආශ්රයක් තිබ්බේ නෑ අපි අතර.
කොලේජ් ඒකේ වැඩ ඔක්කොම ඉවර කරගෙන මන් ගියේ බෙන්ච් එක ලඟට එතන ලොකු චෙරි ගහක් මන් ඉඳගන්න බෙන්ච් එකට හෙවන දෙන්නේ ඒ ගහ. චෙරි ගහ කියන්නේ ආදරේ පිළිබිඹු කරන ගහල් කියලා මන් අහලා තියෙනවා. ඒක ඇත්තක් කියලා මුලින් විශ්වාස නොකලත් දැන් මන් ඒක විශ්වාස කරනවා.