"වාව්......අනේ එයා නටන විදිය.........""අනේ.......කොහොමද එච්චර රොමෑන්ටික් විදියට නටන්නේ......"
පැක්ටිස් රූම් එක වටේ දැලේ එල්ලිලා හිටිය හැම කෙල්ලම පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා.වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන සිහියක් නැතිව හේසොක්ගේ ඩාන්ස් එක දිහාම බලාගෙන හිටියා..ඒත් හේසොක් කිසිම ගාණක් නැතිව එයාගෙ පාඩුවේ දිගටම ඩාන්ස් එක කරගෙන ගියා.
හොබී නැත්තම් ජන්ක් හේසොක් Angle dancing academy එකේ ලස්සනටම නටන ලස්සනම කොල්ලා.හුගක් අය හොබී කියලා කතා කරපු මේ කොල්ලා නටන්න වගේම නැටුම අධ්‍යක්ෂක කෙනෙක් විදියටත් මාර ප්‍රසිද්ධයි.තමන්ගේ තත්වේ තියාගෙන පාඩුවේ ඉන්න හේසොට තිබුනේ පුදුම ලස්සන හිත නිවිලා යන හිනාවක්.කොච්චර ප්‍රශ්න තිබුණත් ඒ හිනාව දැක්කාම ඒ හැම දේම අමතක වෙලා යනවා.ඒ හින්දම ඇකඩමි එකේ කේල්ලො විතරක් නෙමේ කොල්ලව දකින ඕන කෙල්ලෙක් ඇස්පිය ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා.
තව මාස තුනකින් ඇකඩමි එකේ ප්‍රසංගයක් තියෙනවා.එකේ ප්‍රධාන නර්තන ශිල්පියා විදියට හේසොක් හුගක් මහන්සි වෙලා එයාගේ කොටස කලා .සාමාන්‍යයෙන් කොල්ල පැක්ටිස් වෙන්නෙ තනියම.ඒත් කොල්ල එක්ක ඩාන්ස් කරන්න තව ගර්ල් ඩාන්සර් කෙනෙක්ව තෝරන්න අද ඇකඩමි එකෙ ඉන්ටව් එකක් තියෙනව..