"Wow!......"
Yibo ගේ office එකට ඇතුලු වුනු Zhan පොඩි එකෙක් වගේ එහේ මෙහේ දුව දුව හැමදෙයක්ම අල්ලමින් සිනහාවෙන්නට පටන් ගත්තේ පුංචි ළමයෙක්ට අලුත්ම සෙල්ලම් බඩුවක් ලැබුනා වගෙයි. Zhan ගේ මේ හැසිරීම් නිසා Yibo ගේ හදවතට අමුතුම උණුසුමක් දැනෙන්න වුනා. ඔහු මෘදු සිනහවක් සමග Zhan දෙස බලා සිට තම පුටුවට ගොස් ඉඳගත්තා. මොහොතකින් Yibo ගේ ලේකම් කාමරයට ඇතුලු වුනා.
"Mr Wang මම හැම දෙයක්ම ලෑස්ති කරා. ඔබ තුමාට sighn කරන්න විතරයි තියෙන්නේ" තවමත් තම හුරතල් බිරිඳ දෙස බලාගෙන දවල් සිහින බල බල හිටපු Yibo යථා තත්වෙට ආවේ ඒ කටහඬත් එක්කයි.
"අහ් මෙතනින් තියන්න" Yibo file එකින් එක ගෙන කියවන්නට ගත් අතරේ Yibo ගේ ලේකම් වරිය කාමරේ පුරා දුවන පුංචි හාවා දෙස බැලුවේ දැඩි තරහක් එක්කයි. කවුද මේ? මීට කලින් එයාලාගේ CEO කාවවත් එක්කන් ඇවිත් නැහැ.
"සර්, මම මෙහෙම ඇහුවට මොකවත් හිතන්න එපා. ඒත් අර කවුද?" ඇය Zhan දෙසට ඇඟිල්ලක් දිගු කරා.
"ඔහ්...ඒ මගේ wife" Yibo ඒ දෙස බලන්නවත් කරදර නොවුනේ ඔහු දැන සිටියා කා ගැනද මේ අහන්නේ කියලා.
"Wife?"
"හ්ම්..... එයාට කම්මෙලි කිවුවා තනියෙන් ඉන්න ඒකයි එක්කන් ආවේ? ඇයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවද?" Yibo හිස ඔසවමින් ඇයගේ ඇස් වෙතට සීතල බැල්මක් හෙලමින් ඇසුවා.
"අහ් නෑ නෑ සර්"
"Ms Yu ඔයාට ප්‍රශ්න තිබ්බත් මට කමක් නැහැ. ඒවා ඔයා ගාවම තියාගන්න. ඒත් මට වගේම මගේ wife ටත් ගරු කරොත් හොඳයි"
ඇය අපහසුවෙන් මවා ගත් හිනාවක් සමග Yibo දෙසට හිස වැනුවා. Yibo meeting එකට සහභාගි වීමට තම අසුනෙන් නැගී සිටිමින් පුටුවක් මතට වී කකුල් දෙක නිදහසේ වනමින් පොතක් තුලට ගිලී සිටි Zhan දෙසට හැරුණා. Yibo ගේ දෙතොලෙහි මෘදු උණුසුම් සිනහවක් ඇඳී ගියා.
VOCÊ ESTÁ LENDO
𝖂𝖍𝖔 𝕬𝖗𝖊 𝖄𝖔𝖚?🍃❤ ✔️
Fanfic🍃❤ඔබ කවුරුන්ද?❤🍃ʸⁱᶻʰᵃⁿ "මට සමාවෙන්න Ying මම හිතන්නේ ඔයා ගැන අතීතෙට සමුදෙන්න මට බැරි වුනත් මට ඒක කරන්න සිද්ධ වෙනවා." "මට ආයේ ඔයාගේ ජිවිතේට එන්න ඕනි වුනේ නැහැ Yibo..හැමදේකටම සමාවෙන්න. ඒත්, ඔයා අලුත් Zhan ට ආදරේ කරන්න ඕනි. අතීතෙට නෙමෙයි" 🍃💖එය රාගික...