මන්දෝදරී

647 120 137
                                    

" මාමන්ඩි "

" මාමන්ඩි "

" මාමන්ඩිඊඊ "

" කාලනේමී මාමන්ඩි " එය වනාහි හුදෙක් කුඩා දරුවෙකු තම මාමණ්ඩිය අමතනයා ස්වරය විය.

" පවසන්න ඉදින් කුඩා රාවණ "

  අවසානයේ තම ස්වරය ඔහු ග්‍රහණය කොට ගෙන ඇතැයි කුඩා දරුවා සිතීය.

" නුබ කවුරුන් දෙසද ඔය බලනුයේ ? " කුඩා රාවණයන් විමසුවේය.

" අහ් "

" අද මෙන් මතකයි " තමන්ට මුමුණාගත් යොවුන් තරුණයාගේ මුහුනේ සිනහවක් ඇදුනේ වසර ගනණකට පෙර කුඩා කාලයේදී තම මාමන්ඩියන් වූ කාලනේමීන්ගේ ප්‍රේමය පිලිබදව තමා ඇසූ පැනය ඉදිරියේ ඔහු නිරුත්තර වූ වග සිහිව.

ප්‍රේමය යන වදන සිහිවීම පවා ඔහුගේ සිතට ගෙන දුන්නේ විශාල සැනසීමකි.සාගරය දෙසින් පැමිණි ලවණ සුගන්දය ඔහු වින්දේ මුලු සිරුරම නිදහසේ තබාගනිමිනි.

දියඹ නොසෙල්වා කුඩා මුව පොව්වෙකු මෙන් නිසොල්මනේ ඉදිරියට ඇදෙන රළ පහර විශාල ශන්දයක් නගමින් බිදී යනු ඔහු බලා සිටියේ පහන් සිතින් යුක්තවය.

සින්හල  අඩි සයහාමාරක් පමණ උසින් යුතු ඔහු සැබෑ කඩවසම් තරුණයෙක් බව ඔහුගේ වැඩුණු මාංශ පේශීන් කියා පෑවේ ආඩම්බරයෙනි..

ශක්තිමත් හකු පෙදෙස, හිස පලදනාවට කීකරු නොමැතිව නලළෙහි රැදී පවතින කාල වර්ණ කේශ කලාපය, රාජකීය බව සනිහුන් කරන රිදී පැහැති සිංහ පලදනාවද රණ ශූරයෙකුටම හෙබි සිංහ ලීලාව ඔහුගේ රාජකීයත්වය තව තවත් සංකේතවත් කලේය..

ඔහු හෙලයේ රජ දදිස් රාවණා විය.

නමුත් ඔහුගේ කාල වර්ණිත ශක්තිමත් දෑස සයුරු තිරය වෙත යොමු වී තිබ්බේ විශ්මයජනක බවක් ආරූඪ කරමිනි.

වෙරලෙහි ගැටෙන රළ පෙල දෙස මහත් ඕනෑ කමින් බලා සිටියද හෙතෙම දියඹ විශ්වාස නොකලේය.මන්ද රළ පෙරලා කිසිවක් නොකලාක් මෙන් ඈතට වී සිටින දියඹ විශ්වාස කල නොහැකි විය..

ඔහු සමාජය දුටුවෙත් ඒ ආකාරයටමය.  සමුද්‍රය ජීවිතයට කදිම ආදර්ශයක් විය.

තිර ලෙස සයුරට එක් වී තිබූ ඔහුගේ නයනයන්හි කෝණය එක් වරම දෙදරා ගියේ සයුරෙහි ලවණ ජලය සොලවා එතුලින් මතු වූ යුවතියක ගැටීමෙනි.

You've reached the end of published parts.

⏰ Last updated: May 18 ⏰

Add this story to your Library to get notified about new parts!

රාවණ ලිය  [ 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now