-"ආයුබෝවන්. සුබ උදෑසනක්. මේ ඔබ එකතු වන්නේ රන්ගිරි උදෑසන පුවත් විකාශයත් සමඟ. ප්රථමයෙන් පුවත් සිරස්තල."
"ටං ට ටංට ටාං" (Background music)
-"ගිරිපුර ගම්මානවාසීන් විසින් වසර දෙකක් පුරාවට තම ශ්රමයෙන් හා මුදලින් ඉදි කළ පාලම ඊයේ පළාත් සභා මන්ත්රී ගල්සෝමෙ මැතිතුමා අතින් විවෘත කෙරුණා. "
-"ඊයෙ රාත්රියේ ගිරිපුර මානසික රෝහලේ ඇති වූ ගැටුමකින් පසුව එහි එක් රෝගියෙක් පලා ගියා. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුව සොයාගැනීම සඳහා වන මෙහෙයුම් මේ වන විටත් දියත් වන බවයි."
-"විමලා.......කෝ මගෙ කෑම එක. ඉක්මනට ගේන්නකො. දැනටමත් හොඳටම පරක්කුයි."
ප්රේක්ෂකයෙක් නැතුව ඔහේ ක්රියාත්මක වෙමින් තිබුණු රූපවාහිනිය වහලා දාන ගමන් බොරළුගොඩ කෑ ගැහුවෙ කුස්සියෙ හිටිය විමලාට.
-"ආ......ආ.....අරගන්න මේක. ඔයා ඉතින් පරක්කු වෙලා යන එකම දවස අද නෙවෙයිනේ. හැමදාම යන්නෙ පරක්කු වෙලානෙ."
-"හරි හරි විමලා. හැමදාම පරක්කු වෙලා ගියාට ඉක්මනට යන්න පුලුවන් දවසෙවත් පරක්කු නොවී යන්න ඕනි."
-"හරි එහෙනම් පරිස්සමින් යන්නකො. අර මං ගේන්න කියපු බඩු ලිස්ට් එක ගත්තද? ඊයෙ වගේ අඩුවෙන් එහෙම ගේන්න එපා."
-"හරි හරි මං ගත්තා."
ඒ විදියට ගෙදරින් එළියට බැහැපු බොරළු ගල් වැඩපළට ඇවිදගෙන ගියා. හැබැයි ඉතින් ඉක්මනට යන්න ගෙදරදි තිබ්බ උනන්දුව බොරළුට පාරට බැස්සම නම් තිබ්බෙ නෑ. තාලෙට උරුවම්බාන ගමන් නිවී සැනසිල්ලෙ තාලෙට අඩිය තියන ගමන් බොරළු ඇවිදගෙන ගියෙ වෙලාව ගැන හිතන්නෙවත් නැතුව.
-"ලා.....ලාල ලා....ලා ල ලාල ලා....."
බොරළුට මිහිරි අපිට අමිහිරි තල් අත්තට බොරළු වැටෙනවා වගේ තිබුණු බොරළුගෙ හඬින් බොරළු තාලෙට සිංදුවකුත් කිව්වා. ඈතින් තමන්ගෙ පැත්තට දුවගෙන එන මිනිස්සු දෙන්නෙක් දැකපු නිසා බොරළු තමන්ගෙ ගායනය නැවත්තුවා.
දුවගෙන ආපු මිනිස්සු දෙන්නා බොරළු ළඟින් නැවතුණා. බොරළුත් ගමන නතර කරල මිනිස්සු දෙන්නා දිහා බැලුවා. ටිකකින් එයාලගෙන් එක්කෙනෙක් බොරළු දිහා බැලුවා.
YOU ARE READING
ගිරිපුර ඇත්තෝ
Fanfictionහැමෝම බලලා නැත්තං අහල ඇති ගිරිපුර ඇත්තෝ එහෙම නැත්තං The Flinstones ගැන. මේ මං ඒ වෙනුවෙන් ලියන ෆෑන් ෆික්ශන් එකක්. (පොඩි කෙටි කතා එකතුවක්) ✍Chimmy Choco