🎋 එකොළොස්වන කොටස 🎋

691 142 38
                                    


වේලාව උදෑසන 10 පසුවී මිනිත්තු 30 කි... යීබෝගේ දෑස් විවර වු කවුළුවෙන් පිටත රැදී තිබේ... දහවල් වීමට ආසන්න වුවත් සීත කාලය නිසා මේ වන විටත් පැවතියේ සෞම්‍ය හිරු රශ්මියකි.. ඇවිදීමට යාමට මේ තරම් සුදුසු දවසක් තවත් නැති තරම්ය .... ජින් ලින් ඔහු සියල්ලම හොදින් සූදානම් කර ඇති බව යීබෝට වැටහුණේ පසුගිය දින කිහිපයේම පැවති වැසි බර කාලගුණය අද දින දක්නට නොලැබී මෙවැනි සෞම්‍ය කාලගුණයකින් අවට හැඩවී ඇති විටය....

වූෂියැන් හා ජින් ලින් පිටත්වී දැන් පැයක් පමණ ගත වී ඇත.. යීබෝ නිවසේ ඒ මේ අත ඇවිදිමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූවත් ඔහුගේ සිත වූෂියැන් ලගම නතර වී තිබුණේ ඔහුටවත් ගලවා ගත නොහැකි පරිදිය .....

උද්‍යානයට පැමිණි යීබෝ Bench එකක වාඩි වී නැවත කල්පනා සාගරයේ ගිලුනි.... වෙනදාට නොදැනෙන පාලුවක් ඔහුගේ සිත වෙලාගෙන අවසන්ය... වසර ගණනාවක පටන් තනිව ජීවත් වූ ඔහුට තනිකම අලුත් අත්දැකීමක් නොවේ... ඔහු තනිව ජීවත් වීමට පටන් ගත්තේද එතුල වූ සැනසීමට ඔහු ප්‍රිය කල නිසාය .... නමුත් අද එය සම්පූර්ණයෙන්ම වෙනස් හැගිමකි... කාත් කවුරුත් නැතුව මෙලොව තනිවී ඇතැයි ඔහුට දැන් සිතෙයි... ඒ සිනා හඩ, කතාවන් නොමැතිව එක් පැයකටවත් නිවස තුල රැදීම දැන් අපහසු වී ඇත..

පාලුවෙන් ඒ මේ අත කැරකුන යීබෝ යූ බින්ට ඇමතුමක් ගත්තේ ඔහුගේ හොදම යාළුවාට හෝ පවසා මෙයින් සිත නිදහස් කරගැනීමට සිතාගෙන

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

පාලුවෙන් ඒ මේ අත කැරකුන යීබෝ යූ බින්ට ඇමතුමක් ගත්තේ ඔහුගේ හොදම යාළුවාට හෝ පවසා මෙයින් සිත නිදහස් කරගැනීමට සිතාගෙන ....

🦁 Hello යූ බින් .... කොහෙද ඉන්නේ ...

◻️ යා යීබෝ ... මං Office එකේ .. ඇයි උඹට එකපාරටම මාව මතක් වෙලා තියෙන්නේ ...

🦁 මට පාලුයි ... උඹ අද හවස Free ද?

◻️ What 😮😮 The lonely king යීබෝට පාලුයිලූ....  උඹට මොකක්හරි අසනීපයක්ද???

We Are Made To Love Dove le storie prendono vita. Scoprilo ora