ටේහ්‍යුන්- (දරුවාට)
මංම උස්සාගෙන යනවා
කරපින්නාගෙන යනවා....//(වේදිකාවෙත් පිටව යයි)
පොතේගුරු-
ලුහුබැඳි යකඩයින්ගෙන් ටේහ්‍යුන් නැමති ඒ සඳ
නැගනහිර ගං වැව්ද හරහා විත්
වැටී ඇති වැල් පාලම දෙසට සැපැමින ගෙවා ගිරිහෙල්
දෙදෙනෙකුගෙ ජීවිත හෙලා නොහෙලා අනතුරේ...
තරණය කළා පාලම....(ටේහ්‍යුන් පැමිනේ..)
මිනිසා 1 - කලබල වෙන්න කාරි නෑ දරුවා.... (පාලම පෙන්වා..) පේනවා නේද තරණය කරන්න බැරි පාලම?
ටේහ්‍යුන්- එගොඩට ගෙනියා ගන්න ඕනෙ කොහොම හරි මේ දරුවා...
ස්ත්‍රිය- කොහොම හරි? මොකක් ද කෝම හරි.... පේන්නෙ නැද්ද ගිරි දුර්ගෙ
(සෙබලෙකු කෑ ගහන ශබ්දය ඇසෙයි.)
ටේහ්‍යුන්- මේ සේරම කැඩිලා නෑ.. මගෙ හිතේ මට පුලුවන් පැන ගන්න
ස්ත්‍රිය- යකෝ දරුවා එක්කම හෙලට වැටිල මැරෙන්න හදනවද
මිනිසා 1- අර සෙබලු මොකද? උඹව පන්නනවද?
ටේහ්‍යුන්- ඕ... මම ඒකෙක්ගෙ ඔලුව පලලා මේ එන්නෙ
ස්ත්‍රිය- කාගෙද ඔය දරුවා? උඹේද?
ටේහ්‍යුන්- ඔව්... මගේ තමා...
ස්ත්‍රිය- කවුද අම්මා?
ටේහ්‍යුන්- අම්මෙක් නෑ... තව තාත්තෙක් ඉන්නවා ජන්කුක් ෂෂාවා කියලා.... උන්දෑ හොඳ කොල්ලා... දත් දෙක පොඩ්ඩක් එලියට පැනලා..
(ටේහ්‍යුන් පාලමට නැගීමට උත්සාහ කරයි)
ස්ත්‍රිය- හෝව් හෝව්. වැටිලා බෙල්ල කඩගන්නද ඕනෙ.
ටේහ්‍යුන්- අනේ එහෙම කතා කරන්න එපා. මම කොහොම හරි එගොඩට පැන ගන්ඩ ඕනා. ජන්කුක් ෂෂාවා හිටියා නම් මාව කරපින්නාගෙන පනිනවා උන්දෑ හාවා නිසා... දැන් නෑනෙ, මමම යන්ඩ ඕනා.
(වැල් පාලමට ගොඩ වෙයි)
පොතේ ගුරු- වැල් පාලමේ ගීතය.
ටේහ්‍යුන් - ( ගයයි)
හෙල ගැඹුරුයි........ පුත නොබලන්...හෙලවෙන කොට..... වැල් පාලම.....
දෑස පියන් බිම නොබලන්....//
YOU ARE READING
හුණු වටයේ කතාව [බටස් වර්ෂන්]√
Historical Fiction"හෙලවෙන කොට වැල් පාලම... දෑස පියන් බිම නොබලන්....."