3. I hate you

100 39 26
                                    

මං මධ්‍යම පාන්තික පවුලක එකම ළමයා. මගෙ අම්මයි තාත්තයි මට ගොඩක් ආදරේ කළා. ඒත් එයාලා ඒක පෙන්නුවෙ නෑ. මං දන්නෑ එයාලා ඒක වුවමනාවෙන්ම කළාද නැත්තං නොදැනුවත්ව වුනාද කියල. ඒ වුනත් මං කැමති වුණා එයාලා ඒක පෙන්නනවා නම්.

වෙන ළමයින්ගෙ වගේ මගෙ හොඳම යාළුවා අම්මයි තාත්තයි වුනේ නෑ කවදාවත්. ගොඩක් වෙලාවට මං උත්සහ කළේ ගෙදරින් ඈත් වෙලා ඉන්න. ඒකට මං කලින් කියපු හේතුවත් එකක්. අනිත් දේ මගෙ අම්මයි තාත්තයි කවදාවත් එකිනෙකාට සමීප වෙලා එකිනෙකාට උදව් කරලා ජීවත් වුණේ නෑ. මොකක් හරි දෙයක් පටන් ගත්තොත් ඒක ඉවර වුණේ ලොකු රණ්ඩුවකින්. ඉතින් ගෙදර කියන තැන ලස්සන තැනක් වුණේ නෑ මට.

ඒ හින්දම ටිකෙන් ටික ලොකු වෙද්දි මං උත්සහ කළා මට නොලැබුණ ආදරය හොයාගන්න. කොලේජ් එකේ කඩවසම් ම කොල්ලා නොවුණත් මං අහන පමාවට මාත් එක්ක යාළු වෙන්න කෙල්ලො හිටියා. ඔව්....මං ප්ලේ බෝයි කෙනෙක්. කොච්චර වුණත් දීර්ඝ හාදුවකින් එහාට එයාලා එක්ක සම්බන්ධතා නොපවත්වා ගන්න මං පරිස්සම් වුණා.

හැමදාම උදේට මගෙ පිටිපස්සෙන් එන කැෆේ කෙල්ල ගැන මගෙ හිතේ තිබුණෙ මොන වගේ හැඟීමක්ද කියල මං දන්නෙ නෑ. එදා එයා මට ආදරය ප්‍රකාශ කළාට පස්සෙ මේ වෙනකල් එයා මං එක්ක කතා කළේ නෑ. මටත් ඒකට වුවමනාවක් තිබ්බෙ නෑ.

හැමදාම එයා මං එනකල් බලාගෙන හිටියා. මගෙ පිටිපස්සෙන් ම ආවා. පාර දෙකට බෙදෙන තැනින් මං කොලේජ් එක පැත්තට හැරෙද්දි එයා කෙළින් පාරෙ කැෆේ එකට ගියා. ආයෙත් අපි සම්බන්ධ වෙන්නෙ ඊළඟ දවසෙ. එතනින් එහාට අපි අතර කිසි දෙයක් තිබුණෙ නෑ.

එයා ගැන ආදරයක් ඇති වෙන්න තරම් විශේෂ කිසිම දෙයක් එයා ළඟ තිබුණෙ නෑ. විශේෂ ලස්සනක්වත් අඩුම තරමෙ කැපිලා පේන අවයවවත්. ඒ කිසිම දෙයක් එයාට තිබුණෙ නෑ.

කොලේජ් ඉවර වෙලා මං එළියට ආවෙ දවස් හතරකට කලින් කොලේජ් එකට අලුතින් ආපු ලස්සන කෙල්ල එක්ක. මේ වෙද්දිත් අපි අතර සම්බන්ධයක් තිබුණා. මං එයාව එක්කගෙන ආවෙ කොලේජ් එක කිට්ටුවම තිබුණු පරණ බිල්ඩින් එකක් පිටිපස්සට. ඇස් පියාගෙනම එක අතක් එයාගෙ ගෙල වටාත් අනිත් අත ඉණ වටාත් යවලා මං ඒ තොල්වලට බර වුණා. එයත් දෑත් මගෙ ගෙල වටා යවන ගමන් මට ප්‍රතිචාර දැක්වුවා. තත්පර කීපයක් අපි ඒ විදියට අපේම ලෝකෙක තනිවෙන්න ඇති.

එකපාරටම දෙයක් බිම වැටෙනවා වගේ ඇහුණු  හඬත් එක්ක මං පිටිපස්සට හැරුණා.

"කැෆේ ගර්ල්?"

මගෙ කටින් ඒ විදියට පිට වුණේ පුදුමය නිසා. මට විශ්වාසයි මගෙ හිතේ ඒ වෙලාවෙ තිබුණෙ පුදුමයක් එක්ක මුහු වුණු කේන්තියක් විතරමයි කියල. මොකද මං අකමැතියි මං වැදගත් වැඩක ඉද්දි කවුරුත් ඒකට බාධා කරනවට.

එයාගෙ ඇස්වල තුනී කඳුළු පටලයක් ඇඳිලා තියෙන විදිය මං යාන්තමට දැක්කා.

"I hate you"

එහෙම කියල එයා යන විදිය මං බලාගෙන හිටියෙ හැඟීම් විරහිත දෑස්වලින්.

A/N :-

අවසන් කොටසින් හමු වෙමු.

✍Chimmy Choco


Just Three Words [Completed]Where stories live. Discover now