ටිකක් පහළට වෙන්න පිහිටි උළුවස්සට යටින් හිස පහත් කර ගනිමින් කුඩා කැෆේ එක තුළට ගිය ශියෑන් ව තවමත් නොදකිමින් යුආන් වැඩ කරමින් සිටියේය.
"අහ්ම් ... අහ්ම්..." ශියෑන් උගුර පාදමින් තමා පැමිණ සිටින බව යුආන් ට දැන්වුයේය.
කලබල වූ යුආන් "අනේ sorry සර් මම දැක්කෙ නෑ " කියා හැරුනා පමණි. ඔහුගේ දෑතෙහි වූ වීදුරුව ගිලිහී ගියේ 'සලාආ......න්' යන හඩ නංවමිනි.
"අයියෝ ළමයෝ... මොකක්ද ඔය කරගත්තේ පරිස්සමෙන් බලාගෙන ඊයෙත් කකුල කැපුනා නේ ආයෙත් මොනා හරි කරගන්න ද යන්නෙ..." ශියෑන් යුආන්ගේ දෑතින් ඇද ඔහු වෙත ළං කරගනිමින් කීවේය.
"අහ්... අහ්... සර් අනෙ මට සමාවෙන්න "
ඔහුගේ දෑතින් මිදෙමින් යුආන් පවසා සිටියේය."සමාවක් මොකටද මන් නෙ ඔයාව පොඩ්ඩක් බය කලේ... 🤣 අහ් කොහොම උනත් පරිස්සමෙන් "
"සර්" 😊
"ම්හ්.. ඊයේ වෙච්ච දේට සමාවෙන්න කොල්ලො මට. ඒ වෙලාවේ මන් ටිකක් අවුලෙන් හිටියේ..."
"අනේ සර්.. මේ මොනා කියනවද මමයි වැරදි කැෆේ එකේ ඒ වෙලාවේ මුකුත් තිබුනෙ නෑ . මමයි හරියට හැසිරුනේ නැත්තෙ."
"ම්හ් ඒ පාර මෙන්න වැඩක් . අර මල් වාස් එක බිදුවෙ මමයි මමනෙ වැරදි. මමයි නරක විදිහට කතා කලේ..."
"අනේ සර් දැන් ඒක ගැන හිතන්න එපා... මොනවද සර්ට අද ඕන"
"ඇයි මේ... සර් සර් ගාන්නෙ මට ශියෑන් කියලා කතා කරන්න "
"අහ් අනේ බෑ සර් මන් කොහොමද එහෙම කතා කරන්නෙ සර් වගේ කෙනෙක්ට"
"ම්හ්.. ඇයි මම කවුද 😒 මට එහෙම කතා කරන්නෙ මට ශියෑන් කියන්න. මම සාමාන්ය මනුස්සයෙක් විතරයි නේ..."
"ම්ම්ම්... හරි ශියෑ...න්" 😊😊
"අන්න එහෙම එන්න" 🤣 ශියෑන් මෝගේ සිනහව නැවත වරක් දිස්විය.
'අම්මොහ් මේ යකා හිනා වෙන්න දන්නවා එහෙනම්' යුආන් යටි සිතින් සිතුවේ ශියෑන් ගේ සිනහව හමුවේය.
"හරි සර් මොනවද ඕන ඉතින්. ලොකු ලොකු දේවල් නම් නෑ මේ හිඟන කැෆේ එකේ පුළුවන් විදියට තමා "
YOU ARE READING
SWEARING IN THE MOONLIGHT (ONHOLD)
Fanfictionසද එළියේ දිවුරුම , හිරු සදු පවතින තුරු ගංගා ගලා බසින තුරු අපි යළිත් දවසක මුණ ගැසේවි. මේ මූසල කම පිරුණු රාත්රිය මටත් ඔබටත් අමතක නොවන භයානක රාත්රියක් වේවි. හදවත ඔබ වෙනුවෙන්ම හඩන අනාගතයක් තුළ මම හීන දකීවී. මියෙන තුරා ඔබ එනතුරු බලා ඉදිමි...