DEAR FATHER | ✔️ |

799 131 178
                                    

🌼} නෑ යුන්ගි-යා නෑ !
අපිට මේ දරුවා හදන්න බෑ,

🖤 ඔයා කොහොමද මින්හි-යා ඔහොම කියන්නේ,
මේ අපේ දරුවා. අපි දෙන්නගෙම.

🌼} මන් ඔයා එක්ක ආපු එක ගැන පසු තැවෙනවා.
අදින්න ඇදුමක් තියා කන්න හරි හමන් කෑමක්වත් නෑ.මන් ගොඩක් සතුටෙන් සැපට හිටපු කෙල්ලෙක්.ඔයා එක්ක ආවට පවුලෙ හැමෝම මාව අතඇරියා,

🖤 වේ වේ මින්හි ඔහොම කියන්නේ?
මන් මහන්සි වෙලා වැඩ කරන්නේ අපිට ගොඩ එන්න නේද, ප්ලීස් මන් හම්බ කරන්නම්. ඔයා ඉල්ලන හැමදේම දෙන්නම් මේ දරුවාව අපි හදමු,

🌼}ඔයා එක්ක ජීවත් වෙන්න ගත්ත තිරනේ ගැන මන් පසු තැවෙනවා.ඒත් එක්කම මේ බඩේ ඉන්න දරුවව හදාගෙන මට තවත් පසුතැවෙන්න බැ!
මන් මේ දරුවව නැති කරනවා ඒක මගෙ අවසන් වචනෙ

•• වසර පහකට පසු ••

ශීත සෘතුව සදහා හැඩ වෙන ගස් වැල් කිසිදූ ලෝභ කමක් නැතුවම සිය පත්‍ර බිමලන විට, ඒ පත්‍ර උඩ පා තබා හෙමි හෙමින් ඇවිද ආ මින්හි, තව දුරටත් සිය ගමන ඉක්මන් නොකට ගමන් ගත්තේ ප්‍රමාද නොවී ඇති නිසා නොවෙයි, සිතෙහි වූ කලකිරීම නිසයි.

දිග කලිසමග සුදු පැහැ ටීශර්ට් එකක් ඇද සිටි ඈ, උඩින් ජර්සියක් ඇද කොන්ඩය හරියමන් පිලිවෙලකට සදා නොසිටියේ, සිතේ වූ කලකිරීම පිටටතත් පෙන්වීමට මෙනි.

👩‍💼 අහ් ආවද මින්හි?අදත් ඔයා හුගක් පරක්කුයි.

මාර්ගය අසලම වූ යම් ආයතනයට ගොඩ වූ ක්ශනිවකව පිලිවෙලට හැද සිටි කාන්තාවක් එසේ අහන්නට උනේ, ඇය මින්හි එන තුරු මග බලා සිටියා වැනි ලෙසයි.

🌼} මට සමාවෙන්න මැඩම්,මන් ඉක්මනින් Clean කරන්නම්.

කිහිප වරක්ම එක දිගට එ කාන්තාවට හිස නැමූ මින්හි, ඉන් නික්ම ගොස් ආයතනය අතුපතු ගා පිරිසිදු කරන්නට විය. මින්හි යනු අවුරුදු විසි හතක තරුණ තැනැත්තියක් වූ අතර ඇය සියෝල් වලට කොහෙන් කෙසේ පැමිනියාදැයි අසල්වාසීන්වත් නොදැන සිටින්නට විය. නමුත් ඇය සියෝල් හී තැනැත්තියක් නොවේ,

DEFENSE FATHER [ ✔️ ]Where stories live. Discover now