"වාහ් එක ලස්සනයි"
චූටි මල් වැටිච්ච දනිහ ගාවට දිග සුදු ගවුමක් ඇඳලා fittonn room එකෙන් එලියට ආවේ මගෙ පිස්සු කෙල්ල....කෙල්ල කීවට ඒ මගේ වයිෆ්...පැද්දි පැද්දි හරි උජාරුවෙන් එයා ඇදන් ආවා ඩ්‍රස් එක මට පෙන්නනවා....ඇත්තටම එයා සුරංගනාවියක් වගේ....ඔම්මයි අප්පයි නැති උනාට පස්සෙ කඩා වැටුන ඒ ජිවිතේ හරි ගස්සන්න පුළුවන් උනේ එක්කෙනාටයි...ඔව් ඒ මගෙ චෙරි මල යූරායි
"කෝමද මේක"
මෙච්චර වෙලා වැහිලා තිබ්බ ඒ හැකර කැට ඇරියා
"ඒක ගොඩක් ලස්සනයි යූරා...ඔයාටම මහලා වගෙ"
"හී....අපි මේක ගමුද"කටත් උල් කරන් මගෙන් ඇහුවෙ නිකං පොඩි එකෙක් වගෙ....
"ඔයා කැමතිනම් ගමු"
"හී....මම කැමති"
"අනිත් dress එක fittonn කරන් එන්නකෝ එනම්"
"හරියෝ"යූරා එයා ඇදන් ආපු dress එක fittonn කරන් ආවා....අපි දෙන්නම ගිහින් dress එකෙ බිල් එකත් pay කරලා ආවේ පාර්ක් එකට....
"අතනින් ඉදගමු"
පොඩි එකෙක් වගෙ මගේ අතේ එල්ලිලා හිටිය යූරා එතන තිබ්බ බෙන්ච් එකක් පෙන්නුවා....
"යමූ"
අපි දෙන්නම එතන බෙන්ච් එකෙ ඉදගත්තා...එලලපු පලසක් වගේ ලා රෝස පෙති බිම හැමතැනම වැටිලා....ඔව් මේ වසන්ත කාලයේ ආරම්භයයි...වසන්ත කාලයේ රැජින චෙරි මල් වලින් මුළු වටපිටාවම මේ වෙනකොටත් වෙලාගෙන ඉවරයි...යූරා ආසම කාලේ තමා වසන්ත කාලය...මොකද එයා ගොඩාක් චෙරි මල්වලට ආසයි....ඒ වගෙම එයා මේ කාලේ ඇවිදින්න ගොඩාක් ආසයි.....
"ටේ"
"කියන්න බබී"
"ඔයා ආයේ හොස්පිටල් ගියාම මට තනියම ඉන්න වෙයිද ආයේ"හිතේ මෙච්චර වෙලා හිර කරගෙන හිතින් දුක් විදින්න ප්‍රශ්නේම එයා මගෙන්ම ඇහූවා....ඩොක්ටර් කෙනෙක් උනාම හැමදෙම කැප කරන්න වෙනවා...තමන්ගේ පවුල,තමන් සතුට හැමදේයක්ම වගේ....තව සතියයි මම හරියටම යූරා එක්ක ඉන්නේ....ලබන සතියෙන් මගේ නිවාඩුව ඉවර වෙනවා...මම ආයෙත් හොස්පිටල් එකට යනවා යුරා ආයෙත් ගෙදර තනිවෙනකොට...නෑ මට ඕනේ යූරාව තනිකරන්න....මට ඕනි එයා එක්කම ඉන්න....ඒත් මගෙ අවාසනාවන්තකමට මට යූරා එක්ක ඉන්න වෙන්නැ.....
"හ්ම්....මම පුළුවන් තරම් ඉක්මනටම එන්නම්කෝ මගේ චූටි චෙරි මල බලන්න"
මම චූටි තට්ටුවක් යූරාගේ නහයට දැම්මා...
"හ්ම්...ඉක්මනටම එන්න හොදේ"
මට තව තවත් තුරුල් වෙලා උණුසුම් උනේ පොඩි හිල්ලීමකුත් එක්ක.....
A/n povවසන්ත කාලය අප්‍රේල් ඉදන් ජූනි වෙනකම් වගේ තමා තියෙන්නෙ...ශිත කාලය දෙසැම්බර් ඉදන් මාර්තු වෙනකම් තමා...ශිත කාලේ ඉවර උනාම පටන් ගන්නෙ වසන්ත කාලයයි☺️
හි....ඔන්න අලුත් එකක්..අලූත් කිව්වට short ff එකක්...චැප් පහක් වගේ තමා ඉතින් තියෙන්නේ...හොදද මන්දා ඉතින්...ඔයාලා හිතනවා ඇති මම මගේ අනිත් කතාවත් නොදි මෙව්වා දෙනවා කියලා...ඒක ටිකක් දිග කතාවක් නිසා තමා මම නැවැත්තුවේ...එක්සැම් ඉවර උනාම එකත් දෙනවා ඉතින්🙂🥲අනික මේක මම ලියන්නෙ මම free වෙලාවට...වැඩ පාඩුකරගන්නෑ ඉතින්🥲💔වෝට් කරන් කමේන්ට් කරන් යන්න මගේ පැටවුනි....පුළුවන් නම් ඉතින් සෙයා පාරකුත් දාන්න😌🌚එනම් මම ගියා...බායි🙆🏻♥️
#Jasmine🌸
YOU ARE READING
𝐶ℎ𝑒𝑟𝑟𝑦 𝑏𝑙𝑜𝑠𝑠𝑜𝑚🌬️🌸 || KTH || [Completed✅]
Short Storyකොතරම් වෙර දැරුවත් මේ අත් වෙන් වෙන්න ලගයි, ඉතින් අපි වෙන් වෙයි සුවද වලින් පිරිණු මතක හැම මොහොතකම රිද්දයි, ඉතින් මම ආදරෙන් ලතැවුල් බාර ගන්නම් අපේ ආදරෙ මතක වෙනුවෙන්✨🥀 Story by : Jeon_Jasmine_ Covered by : _Lan_Kimra