ශියෑන් උදෑසන අවදි වූයේ දුරකථන නාදයෙනි. තවම හිරුත් පායා නොමැති නිසා ඔහුට යක්ෂයා ආවේශ විය.
" මොන මගුලක් ද අයිසේ උදේ පාන්දර කෝල් ගන්නෙ නිදාගන්න දීපන්. "
ඔහු දන්නෑ මේ කවුරුන්ද කියා... අනේ අසරණ යුආන් ඔහු කැෆේ එක ඇරීමට පෙර ශියෑන් ට ඇමතුමක් ගත්තේ පෙර දින ඔහුව අමතන ලෙස පැවසූ නිසාය.
"හ්ම්ම්..." ඔහු දිගු සුසුමක් පිට කරමින් දුරකථනය කට් කලේ ය.
අඩ නින්දේ පසු වූ ශියෑන් තනි ඇහෙන් දුරකතනයේ සටහන් වූ අංකය දිහා බැලුවේය.
'ඇහ් කවුද මේ... ' 🙄
'හම්ම්ට... යුආන් වෙන්න ඇති ... හත්තික්කේ මන් මොකක්ද ඒ කලේ' 🤒
ඔහු නැවතත් එම අංකයටම ඇමතුවද එයින් කිසිදු පිළිතුරක් නොවුනේ යුආන් දුරකථනය ඕෆ් කර දමා තිබූ නිසාවෙනි.
'ආයිශ්.... මට පොඩ්ඩක් බලන්න තිබුනා... පව් එයාගෙ හිත රිදෙන්න ඇති.'
ශියෑන් නැවත නැවත ඔහුව ඇමතුවද ප්රතිචාරයක් නොවුනි. ඔහුගේ නින්දත් දැන් ගිය දිහාවක් සොයා ගත නොහැකි විය. ශියෑන් තම දුකත් සිතෙහි සඟවා ගනිමින් මුහුණ සෝදාගෙන පහළ තට්ටුවට ගියේය.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "ආහ්... මෙන්න ලොකු මහත්තයා නැගිටලා ඒක තමා අද වහින්නේ" උදෑසන තේ පානය කරමින් සෙමෙන් ඇද හැලෙන වර්ෂාවේ සිරි නරඹන හ්වා මෝ මහතා ඇසුවේ පහළට එන ශියෑන් දෙස බලමිනි.
"ගුඩ්මෝනිං ඩැඩා..."
"මෝනිං මෝනිං."
සේවකයෙක් ගෙනත් දුන් හොට් මිල්ක් එකත් අතට ගනිමින් ශියෑනුත් පියා සමඟ වර්ෂාවේ සිරි නැරඹුවේය.
"පුතා ඔයා දැන් මොකක්ද කරන්න හිතන්නෙ. නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ "

YOU ARE READING
SWEARING IN THE MOONLIGHT (ONHOLD)
Fanfictionසද එළියේ දිවුරුම , හිරු සදු පවතින තුරු ගංගා ගලා බසින තුරු අපි යළිත් දවසක මුණ ගැසේවි. මේ මූසල කම පිරුණු රාත්රිය මටත් ඔබටත් අමතක නොවන භයානක රාත්රියක් වේවි. හදවත ඔබ වෙනුවෙන්ම හඩන අනාගතයක් තුළ මම හීන දකීවී. මියෙන තුරා ඔබ එනතුරු බලා ඉදිමි...