- 01 -

806 156 29
                                    

රටාවකට තණකොළ වවපු ගෙමිදුලේ නවත්තපු වෙස්ල් රථයෙන් ජන්කුක් බහින කොට යූහි ගේ හිනාව මූණට වැඩි තරම්.

" අදිල්.. ට්‍රැෆික් තිබුණද ? රස්තියාදු උනේ එහෙම නෑ නේද ? "

සෑහෙන කාලෙකින් දුටුව තරුණයාගේ ඝණව වැවුණු තද දුඹුරු පැහැ හිස කෙස් අතරින් ඇඟිලි යවමින් හිස අතගාන යූහි ගේ ඇස් වල කඳුලු පටලයක් බැඳිලා.

" අනියෝ... ලොකු ඔම්මා. මන් රස්තියාදු නොවී හරි වෙලාවටම ආවා "

යූහි ගේ දුව , සේමි ජන්කුක් වෙත දුවගෙන එනවා. අතේ තිබුණු ට්‍රැවලින් බෑග් එක බිමින් තියලා තවමත් දස හැවිරිදි වියේ පසුවෙන නැගණිය වඩා ගන්න ගමන් ජන්කුක් කතා කරනවා.

" ලොකු ඔම්මා... ලොකු අප්පා කොහෙද ? "
" පල්ලියට ගියා අදිල්. දැන් එනවා ඇති. වොශ් කරගෙන කන්න එන්න. දැන් ලන්ච් එක ගන්න වෙලාවත් පහු වෙලානේ. "

කෑම් මේසෙට වාඩිවුණු ජන්කුක්ට අඩුපාඩු බෙදමින් තොරතෝංචියක් නැතුව කියවන ලොකු ඔම්මා දිහා සේමිටත් කවමින් ජන්කුක් සිනාමුසුව බලන් ඉන්නවා. ජන්කුක්ට රාබු කිම්චි කිහිපයක් බෙදලා යූහි කඳුලකුත් පිහිනවා.

" පොඩියට හිටපු කොල්ලා ලොකු වෙච්ච ඉක්මන... ඒ කාලේ හුරතල් බෝලයක් ඔයා "

ඇගේ ඒ වචනත් එක්ක ජන්කුක්ගේ උගුර හිරවෙනවා.

මුලු ඉන්චෙන් නගරය පුරාම නම් දරාපු සිත්තරෙක් වුණ ජන්කුක්ගේ ලොකු අප්පා පළාතෙම ඉහළම නමක් තිබ්බ බොහොම යහපත් මනුස්සයෙක්.

" මාත් එක්ක පල්ලියේ චිත්‍ර අඳින්න හිටපු දරුවා ඇක්සිඩන්ට් එකකින් එක්තැන් වුණා. පල්ලියේ චිත්‍ර ටික අඳින්න මට තව කෙනෙක් ඕනි. ජන්කුක්ව මෙහෙ එවන්න. කොල්ලා සෑහෙන ටැලන්ටඩ් "

මීට දවස් ගාණකට පෙර ලොකු අප්පාගෙන් ආපු දුරකථන ඇමතුම ගැන අබොජි ඔම්මට කියපු හැටි ජන්කුක්ට මතක් වෙනවා.

යුනිවර්සිටි ෆයිනල් එක්සෑම් ඉවර වෙලා අබොජිගේ බිස්නස් වලට උදව් වෙවී කොහොමත් ගෙදර නිකම් හිටපු ජන්කුක්ට ලොකු අප්පාගේ ආරාධනාව නම් මීපැනි වගේ.

" දැන් දවස් කීයකට ද ඔය යන්නේ ඔප්පා ? "
තමා හැරෙන්නට තම අනාගත බිරිඳ විදිහට අනිත් හැමෝම හඳුන්වපු මියුන් හී , ජන්කුක් මේ ගමන එන්නට කලින් ප්‍රශ්න කළා.

" හරියටම කියන්න බෑ. ලොකු අප්පා චිත්‍ර ටික ඇඳලා ඉවර වුණාම එනවා."

" මේ චිත්‍ර වගයක් අඳින්න ඔයත් යන්නේ පොඩි දුර ! "

" ලොකු අප්පට බෑ කියන්න කියලද ඔයා කියන්නේ ? "

ඈ තම ගමනට කොහෙත්ම එතරම් මනාපයක් නොතිබූ බව ජන්කුක්ට මෙවෙලේ සිහි වෙනවා.

" තව කිම්චි බෙදන්නද අදිල් ? " යූහිගේ හඬින් ජන්කුක් නැවත කල්පනාවෙන් මිදෙනවා.

" අනියෝ.. දැන් ඇති ලොකු ඔම්මා.. " ඒත් එක්කම ජන්ග් හ්‍යුන් නිවසට ඇතුල් වෙනවා.

" ලොකු අප්පා "

" අදිල් "

***
හැමදාම රෑට අප්ඩේට් එකක් දෙන්නම්. මේකත් සූටි කතාවක්. ☺️

සුදූලා 🍁

පරිස්සමින් ඉන්න.

_MatheeJM_

The Art || Jikook || Short Story ✔️Where stories live. Discover now