" අම්මේ..."
"යුආ...න් පුතේ... මේ විදිහට ඉමු බිජින් වලට යන්න දෙන්න බෑ පුතේ..."
"අම්මෙ ඇයි මේ..."
"මන් කියන දේ අහන්න බිජින් වලට යන්න ඕනෙ නෑ පුළුවන් විදිහට පුතා මෙහෙට වෙලා ඉන්න. අපි දෙන්නා මෙහෙ ඉමු. කවදාවත් බිජින් යන්න හිතන්න වත් එපා..."
"අම්මෙ මොන විකාරයක් ද ඒ... මට බෑ... මට යන්න ඕන . මේ ජීවිතේ දුකක් අම්මත් එක්ක එහෙට වෙලා සැනසිල්ලේ ඉන්න පුළුවන් මට. "
"පුතා..." මවට කේන්ති ගියේ යුආන් ගේ අකීකරු කමටයි.
"අම්මෙ මට බෑ මන් යනවා මට මෙහෙම දුක් විදින්න බෑ මට ජීවිතේ විදින්න ඕන."
"හ්ම්ම්... මේ කතාව ඇහුවට පස්සේ ඔයා ඕනම තීරණයක් ගන්න."
"මොකක්... ඒ මොකක්ද ..."
"හ්ම්ම්.... ලොකු කතාවක් මේක ඔයාට මම කවදාවත් කියලා නෑ පුතා. මේක කියන්න ඕනෙ කාලෙ දැන් හරි කියලා හිතෙනවා. ඒක නිසා මේක හොදින් අහලා හිතලා බලලා තීරණයක් ගන්න. ඒ ගන්න ඕන දේකට එතකොට මම එකඟ වෙන්නම්. "
"හ්ම්ම් කියන්නකො."🤔
"ඔයා දන්නවද ඔයාගෙ තාත්තා නැති උන විදිහ. දන්නෑ පුතේ ඔයා ... ඉස්සර මගෙ පුතා මගෙන් ඇහුවා මතකද තාත්තා කෝ අම්මෙ කියලා. දන්නවද ඒ වෙලාවෙ මට දෙන්න උත්තර තිබ්බෙ නෑ . දන්නවද අම්මා පුතාට හොරෙන් ඇඩුවා කියලා. තාත්තා නැති උනාට පස්සෙ මම ඔයාව ජීවත් කරන්න ඔයාව ආරක්ෂා කරගන්න ගොඩක් මහන්සි උනා. තාත්තා ඒ කාලේ ඉතුරු කරලා තිබ්බ සල්ලි වලින් තමයි අපි ජීවත් උනේ පස්සෙ පස්සෙ ඒ සල්ලි ඉවර වෙද්දි මම ගෙවල් වල වැඩට ගියා පුතාට මතක ඇති. "
මවගේ කොපුල් හරහා කදුළු බිදු ගලා ගියේ ඇයට වත් නොදැනෙමිනි.
"ඉතින් මගෙ රත්තරනේ ඔයාගෙ තාත්තා නැති උනේ මේ ලෝකෙ ඉන්න මහ කුරිරු මිනිස්සු නිසා. ඉස්සර තාත්තා CID එකේ ලොක්කෙක් තාත්තා ඒ කාලෙ ගෙදර වත් හිටියෙ නෑ. මාස දෙකකට සැරයක් වගේ තමයි ගෙදර ආවෙ. මට පුතාව හම්බෙලා අවුරුදු දෙකයි. තාත්තා ඒ කාලේ ගොඩක් හොරකම් , වංචා දූෂන , දේශපාලන හොරු වගේ දේවල් ගොඩක් අල්ලගත්තා.

YOU ARE READING
SWEARING IN THE MOONLIGHT (ONHOLD)
Fanfictionසද එළියේ දිවුරුම , හිරු සදු පවතින තුරු ගංගා ගලා බසින තුරු අපි යළිත් දවසක මුණ ගැසේවි. මේ මූසල කම පිරුණු රාත්රිය මටත් ඔබටත් අමතක නොවන භයානක රාත්රියක් වේවි. හදවත ඔබ වෙනුවෙන්ම හඩන අනාගතයක් තුළ මම හීන දකීවී. මියෙන තුරා ඔබ එනතුරු බලා ඉදිමි...