🏰🎀විසිදෙවන සිහිනය🎀🏰- 2 කොටස

594 132 100
                                    

හරි හරි ඒනම්😶....මට ඔනී කියන්නකෝ😙.... උයාලා එක්ක බෑනේ ළමයි😅.... 

LY😘❤️

................................................................................... 

 ජංකූක් එදාට වෙඩින් එකට යන්න ලෑස්ති වුනේ එච්චරම කැමැත්තකින් නම් නෙමෙයි. එයා දන්නවනේ එයාගේ ඔම්මාගේ හැටි. අනිවාර්යෙන් මොකක් හරි යටිකූට්ටු ප්ලෑනක් ගහලා ඇති කියලා එයාට ජිමින්ම කිව්වා. මොකද එයාගේ අම්මා Jiminගෙන් වෙඩින් එකේ ගෙස්ට්ලාගේ ලිස්ට් ඉල්ලගෙන තිබුනනේ....මොනවා ප්ලෑන් කරන් ඉන්නවද මන්දා එයාගේ ඔම්මා....

 ජන්කුක්ට හරිම අමුතු හිස් බවක් දැනුනා එයා ඇදන් හිටපු කළුපාට tuxedo එක කන්නාඩියෙන් දැක්කම.ඕක එයාට ඉස්සර ටේමයි තෝරලා දුන්නේ.....හරිනං එයා මේක ඇදන් ඉන්න ඕනි එයාගේ වෙඩින් එක දවසට....

" අප්පා ලස්සනයි ද බලල්ලකෝ මන්...!!!!" ජීසු දුවලා ඇවිල්ලා ජන්කුක්ගේ අතේ එල්ලුනා. 

ඇත්තම කියනවනං එයාට දුක් වෙන්න වත් දැන් වෙලාවක් නැහැ ජීසු ඉන්න නිසා.

 "මගෙ මැණිකගේ ලස්සන බලන්නකෝ...." jungkook ජීසුව වඩාගෙන එයාට හාදුවවක් දුන්නා. දුව නම් අප්පා වගේමයි. හරිම දඟයි. හරිම හුරතල්. 

"අනේ අප්පා මං ප්‍රින්සස් කෙනෙක් වගේ ද කියල්ලකූ...." jisoo හරිම බලා බලාපොරොත්තු සහගත විදිහට ඇහුවම ජන්කුක්ට නිකන්ම හිනා ගියා.

 Jisoo කොහොමත් පුංචි කුමාරියක් වගේ තමා. එයා කොහොමහරි ටෙගේ තියෙන රාජකීය, ආඩම්බරකාර පෙනුමයි, එයාගේ ඇස් දෙකයි, හිනාවයි.... ඔක්කොම අයිති කරගෙනයි තිබුණේ. 

ඒ හින්දා ජංකූක්ට ටේ නැති තනිය දැනෙන හැම වෙලාවකම කරන්න එයාගේ දුව දිහා බලන් ඉන්න එක.

 "ඔයා කොහොමත් ප්‍රින්සස් කෙනෙක්නේ මැණික...." jungkook එහෙම කියලා ජීසුගේ කම්මුලට හාදුවක් දුන්නාම එයාගෙ මූණෙ ඇඳිලා තිබුන ලස්සන හිනාව දැකලා ජන්කුක්ගේ හිත හාරලා ගියා. 

දුව තවත් ටිකක් ලොකු වුණාම මොනාම කරන්නද කියන්නද කියලා හිතුන ජන්කුක්ගේ බඩ පපුව දැවිල්ල හැදුනේ බැරිවෙලාවත් ටේ ආවෙ නැත්තං එහෙම කියලා. එයාට ඕනි වුණේ නෑ ජීසු ලොකු වෙලා ටේට එයාලව දාලා ගියා කියලා වෛර කරනවට. 

සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completedWhere stories live. Discover now