✨🖤limitless love pt 19🤍✨

477 110 29
                                    

🐣 :- මම කිව්වේ ඔය phone එක දෙන්න කියලා !

🐯 :- අ..අනේ..එහෙම...

🐣 :- තමුන් හිතන් ඉන්නේ මේ ගෙදර බිත්තිවලට කන් නෑ කියලද ? මේ ගේ ඇතුලේ වෙන හැමදෙයක්ම මන් දන්නවා . මන් දන්නවා තමුන් පොලිස් කාරයෙක්ට කතා කරා කියලා ! අපිව පොලිස් කූඩුවේ දාන්න ලොකු ආසාවක් ඇති නේ ! ඒක නිසා phone එක දෙනවා දැන්ම !

Tae's pov 🐯

මම දැන් මොකද කරන්නේ ... ආයිශ්... මට phone එක දෙන්න බැහැ . එහෙම කරොත් ජිමින් කොහොමද මාව හොයා ගන්නේ.... ඔම්මා අප්පා... මන් මොකක්ද කරන්න ඕනේ ? මට phone එක මෙයාට දෙන්න වෙනවා , දුන්නේ නැත්තම් එයා එනකන්වත් මට ජීවත් වෙල ඉන්න බැරි වෙයි සමහරවිට ජිමින් දැනටමත් මම ඉන්න තැන හොයන් ඇත්තේ . ඔව් එයා හොයන් ඇත්තේ ....

🐣 :- ඉක්මන් කරනවා....

🐯 :- මෙන්න....

මට මගේ කූකි අරන් දුන්න චූටි phone එක මේ නපුරු මිනිහට දුන්නා . අනේ පව් ජින් හියුන් ඔළුවත් නවන් පිටිපස්සෙන් ඉන්නවා . බය වෙන්න එපා ජින් හියුන් අපේ ගැලවුම්කාරයා එනවා .

මොකක් ? මොනවද මේ මනුස්සයා කරන්නේ... අනේ මගේ phone එක... එයා 😭 අනේ මගේ ෆෝන් එක... ජන්ග්කුක් මට දුන්න තෑග්ග ... ඒක පොළවේ ගහන්න එපා 😭

🐣 :- මොකද ? Call කරපු එකාට දැන් ඉතින් ඔයා ඉන්න තැන හොයා ගන්න බැහැ . එයා හොයා ගත්තත් එයාට එන්න විදියක් නැහැ .

නපුරු මනුස්සයා....... මට හරිම දුකයි ! මන් ඉක්මනට කාමරේ දොර වහලා දැම්මා . මම හැමදාම වගේ අදත් bathroom එකට ගිහින් දොර ලොක් කරගත්තා . වෙනදාට මන් shower ඇරියත් අද මන් එහෙම කරේ නැහැ . බාත් ටබ් එක ඇතුලේ වාඩි වුණු මගේ හිතට එක එක දේවල් ආවා .

දැන් මට කාගේවත් ආදරයක් නැහැ . මාව ආදරෙන් බලා ගන්න කෙනෙක් නැහැ . දැන් මට කාගේවත් පිහිටක් නැහැ . වෙනදා මන් හිත හදා ගත්තේ ජන්ග්කුක් නිසා... ඒත් එයා අද මගේ මුළු ආත්මයම ඉරල දැම්මා. ඒත් ඇයි එයා එහෙම කරේ.... 😭 . මම තවත් අඬන්න ඕනේ නැහැ 😓. ඒත් මට ඇඬෙන එක නවත්තන්න බැහැ , මොකද මට දිගටම මන් ගැන අනුකපාවක් දැනෙනවා . මන් මටම අනුකම්පා කරනවා . ඒ අනුකම්පාව දැනෙන වාරයක් පාසා මන් ඇඬුවා . දැන් ජිමින්ට මාව හොයාගන්න බැහැ කියලා දැනෙද්දී මට ඊටත් වඩා දුක හිතුනා . මට ජීමින්ව හම්බුනු වෙලාවේ එයා ගැන පොඩිම පොඩි කැමැත්තක් ඇති වුණා . දැන් ඉතින් එයාවත් නැති වුණා මට ! ඒ ගැනත් මට ලොකු දුකක් දැනුනා. මගේ ඇස් වලින් කදුළු ගලන් ගියේ මට ' පරණ අතීතේ හෝදලා දිය කරලා දාන්න ' කියලා කියන්න වගේ . ඒත් මන් දන්නවා මට මගේ පරණ අතීතේ කවදාවත් අමතක කරලා දාන්න බැහැ කියලා , මොකද මන් අසීමිතව ආදරේ කරපු අය මාව රැවැට්ටුවේ ඒ අතිතේදි ! ඒ වගේ නපුරු අතීතයක් ටික දවසකට අමතක කරන්න මට පුළුවන් වුණත් ඒක අළු යට තියෙන ගිනි අඟුරු වගේ මාව කාලෙන් කාලෙට රිදවයි 😓 .

limitless Love 💓 {completed}Donde viven las historias. DescÃēbrelo ahora