17 TH PART

339 68 10
                                    

📱📱

🐱 - "ජින් hyung.. "

🐹 - "ආ යුංගියා.. මොකද අපිව මතක් වෙලා තියෙන්නේ..."

🐱 - "පොඩි උදවුවක් ..."

🐹 - "මොකද්ද කියපන් උබට කරන්නේ නැති උදවුවක් තියේද මන් ගාව.."

🐱 - "ජීමින් ගැන.."

🐹 - "මොකද්ද ජීමින් ගැන..🙄"

🐱 - " ඌ faint උනා ආයෙත් .. "

🐹 - "මොකක් 😳 මොනවද යකෝ මගෙ කොල්ලට කරන්නේ.. උබ ඒ අහින්සකයට ඉන්න දීපන්.. මොකද්ද කලේ කියපන්..😤"

🐱 - "ලොකු දෙයක් නෙවෙයි.. කලබල වෙන්න එපා..."

🐹 - "කලබල වෙන්න එපා කියන්නේ.. මට මේක කියපන් ඇයි ඒ කොල්ලටම උබ වද දෙන්නේ.. 😡

දැන් මොකද්ද උනේ කියලා කියලා හිටපන් ඉස්සෙල්ලම.. "

🐱 - "අද news වල එදා මරපු එකාගෙ photo එකක් ගිහින් ඒක දැකලා.. 😒"

🐹 - "දැන් කෝ මගේ කොල්ලා කියපන්.. "

🐱 - "Company එකේ doctor එයාව check කලා අවුලක් නෑ කිව්වා hyung ඇවිත් එයාව එක්කන් ගියොත් හොදයි.. මන් දන්නවා දැන් ජීමින් ඉන්නේ hyungගේ ගෙදර කියලා.. එයාගෙන් මේ ගැන ප්‍රශ්න නොකෙරුවොත් හොදයි.. එයාට අවුල් ගිහින් ඉන්නේ ..."

🐹 - "ඇයි උබ එහෙම කියන්නේ.. 🤨"

🐱 - "දැන් නැගිටලා බැනගෙන බැනගෙන ගියේ මට "

🐹 - "මොකක් ජීමින් බැන්නා.. ඔහොම හිටපන් මන් දැන්මම එනවා.. "

🐱 - "දැන්ම එන්න එපා නිදි දැන් හොදටම .. හවස office ඇරෙන වෙලාවට ඇවිත් එක්කන් යන්න.. මන් තියනවා.."

🐹 - "යා යා යුංගියා... 😤"

📱/


ජින් එහා පැත්තෙන් තවත් කතා කලත් තමන්ට කියන්න ඕනේ දේවල් ටික කිව්ව යුංගි phone එක cut කලා..

එහෙම්මම එයා ඇස් අරන් ගියේ ඇඳ උඩ අඬලා අඬලා ගොඩක් දුර්වලව නිදාගෙන ඉන්න එයාගේ ඒන්ජල් දිහාට..

එයා ආයෙත් ජීමින් ලඟට ගිහින් පුටුවක් තියලා එයාගේ මූන ගාවින්ම ඉඳගත්තේ උදේ තමන් හපලා ඉදිමුනු තොල් දිහාට ඇස් අරන් යන ගමන්.. තොල් වලින් රතු වෙලා තියෙන ජීමින්ගේ කම්බුල් වලටත් කදුලු වලින් පෙගිලා තියෙන ඇස් පිහාටු වලටත් පිලිවෙලින් ඇස් යැව්ව යුංගි තමන්ගේ අතක් අරන් ගියේ ජිමින්ගේ ඔලුවට.. කියාගන්න බැරි හැඟීම් ගොඩක් හිතට දැනෙද්දී ජීමින්ගේ සිනිදු කෙස් අතරින් එයා එයාගේ ඇඟිලි අරන් යන්න පටන් ගත්තා..
.
.
.
.
.
.
.
...................................................................


Meaw's Endless Love (YoonMin)Место, где живут истории. Откройте их для себя