Tria pov
මන් දැක්කා එක මනුස්සයෙක් අර ලමයට ගහනෝ.මට තේරුනා ඒ ලමයට මොකකහරි මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලා .මට තේරෙන්නෑ හැගීම් දැනීම් තේරෙන මිනිස්සු කෝමද මේම හැසිරෙන්නෙ කියලා .මට ඒ පිලිබද හැගීමක් නොවුනත් මන් දන්නවා ඒක වැරැද්දක් කියලා ඉතිම් මන් එයාගෙන් ඒ ලමයට ගහන එක නැවැත්තුවා.ඒ මනුස්සය ඒත් කියන දේ අහන්නෙම නෑ.
එතකොට තමා අර පිරිමි ලමය ආවෙ.එයා කිවුවා එයා පොලීසියේ කියලා මන් ඒක බොරු බව දන්නව උනත් ඒ වෙලාවෙ බේරෙන්න ඕනි නිසා මාත් ඒක ඇත්ත විදියට රහපෑවා.කෝමත් මට ඒ දේ අලුත් දෙයක් නෙමේ මොකද මන් පැය 24 කරන්නෙ අනිත් අයට පේන්න රගපාන එක.
කෝමහරි ඒ ලමයව පුනරුත්ථාපන මද්‍යස්ථානය බාර දුන්නා ටෙරාන් මාව මගේ ගෙදරට ඇරලුවා .මේරි මාම් කියල දීල තියෙනවා ගෙදරට එන අමුත්තන්ට වගේම උදවු කරපු අයටත් සලකන්න ඕනි කියලා .ඒ නිසා මන් එයාට coffee එකක් බොන්න එන්න කිවුවා.එයා ඇවිල්ල ගේ වටේම ඇස් කරකෝනවා.මන් කාමරේට ගිහින් ආයෙ සාලෙට එන කොට තමා දැක්කෙ එයාලග තියෙන film එක ගොඩක් අය කියනව ඕනෙම ගල් හදවතක් තියෙන මනුස්සයෙක් උනත් ඔය film එක බැලුවොත් ඇඩෙනවලු.ඒත් මට එහෙම සංවේදී හදවතක් නෑනෙ 🙂.මන් ඕක දහ පාරකට වඩා බලලා තියෙනවා ඒත් කවදාවත් මන් අඩල නෑ.මට හැගීමක් දැනෙන් නැති බව දන්නව උනත් මන් sad,funny ,romantic film බලනවා.ඒ වලින් තමයි මන් හැගීම් ගැන ඉගෙන ගන්නෙ.ටෙරානුත් අනිත් අය වගේමයි එයා හිතන්නෙත් මන් ගොඩක් බොලද කෙල්ලෙක් කියලා ඒ වගේම හැගීම් ගැන කිසිම ගානක් නෑ .
එයා අඩනව කියන හැගීමට කැමති නෑ ඒත් අඩන්නත් වාසනාව තියෙන්න ඕනි.නැත්තම් අපේ හිත ඇතුලෙ තියෙන හැගීම් අපේ හිත ඇතුලෙම තිබ්බොත් ඒක තුවාලයක් වෙන එක කාටවත් නවත්තන්න බෑ.කදුලු මගින් අපේ හිත ඇතුලෙ තියෙන හැගීම් නිදහස් වෙලා.අපේ ආත්මයම සනහාලනවා.ටෙරාන් විතරක් නෙමේ ගොඩක් මනුස්සයො හිතන්නෙ ඒ විදියට මේ ලෝකෙ මිනිස්සු එක්ක ජීවත් වෙද්දී අත්‍යාවශ්‍යම දේ වගේම මිනිස්සු පොඩ්ඩක් වත් හිතන් නැති දෙයක් තමයි හැගීම් කියන්නෙ.ඔය සිතුවිලි එක්ක මන් ටෙරාන්ගෙ coffee එක හදල එයාට ගෙනත් දුන්නා.
YOU ARE READING
💔FEELING 💔 [Completed ]
Fanfictionමේ කතාව පදනම් වෙන්නෙ හැගීම් මත ඒත් මේ කතාවෙ නැතිම දේත් හැගීම්. මේ ලෝකෙ හැගීම් දැනීම් තියෙන මිනිස්සු ඒව දැනෙන් නැති විදියට ඉද්දි .ඇත්තටම හැගීම් දැනෙන් නැති මිනිස්සු කෝම හැසිරෙයිද..... හැගීම් දැනෙන් නැති ගල් හදවතක් හිමිකාරියකට අසීමාන්තිකව පෙම්බදින දඩ...