කවදාවත්ම පදවලා නැති වේගෙකින් වාහනේ අරගෙන යන ජින් දිහා බයෙන් බැලුව ජීමින් ආයෙත් ඒ මූනෙන් ඇස් අරගත්තේ කවදාවත් නැති තරම් ඒ මූනේ පිරිලා තියෙන තරහව දැකලා..
.
.
.
.
.
.🐹 - "අරිනවා මනුස්සයෝ මේ මගුල ඉක්මනට 🤬"
ලොකු නිවසක gate එකක් ගාව වාහනේ නතර කරපු ජින් වීදුරුවෙන් ඔලුව එලියට දාලා කෑ ගැහුවේ ජීමින් වගේම එතන හිටපු guardsලාත් බය වෙලා බලන් ඉද්දී..
ජින්ට අවනත උනු guard කෙනෙක් ගේට්ටුව අරිද්දිම විවෘත උන පාරට හයියෙන්ම වාහනේ දැම්ම ජින් කෙලින්ම ගිහින් වාහනේ නතර කලේ ඒ මාලිගාවක් වගේ තියෙන ගේ ඉස්සරහා දොර ගාව...
🐥 - "Hyung මේ කොහෙද.. 😟 අනේ...."
🐹 - "බහින්න ජීමින් අද මන් ඕකට හොද දෙකක් කතා කරනවා.. 🤬"
වාහනේ එහා පැත්තෙන් බැහැගෙන ඇවිත් ජීමින් ඉන්න පැත්තේ දොර ඇරගෙන ජීමින්වත් එලියට ඇදලා ගත්ත ජින් කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් දාලා නැති ජීමින්ගේ අතින් ඇදගෙන විවර වෙලා තිබ්බ දොරෙන් ඇතුලට ගියේ නිතර යන එන දන්න කියන තැනකට ආවා වගේ ලොකු පලපුරුද්දකින්...
ගෙදර කවුරුත් නෑ වගේ පෙනුනත් හැම තැනම ආලෝකමත් උනු ලයිට් එලියෙන් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කවුරු උනත් ලොකු පොහොසත්තු බව කියාපෑවා..
ඔහේ ජින් පස්සෙන් ඇදිලා යන ජීමින්ව ජින් එක්කන් ගියේ පොඩි bar එකක් වගේ තියෙන තැනකට.. එතන කෙලවරේ sofa එකක දෙන්නෙක් ඉදගෙන මොනවා හරි බිබී ඉන්න බව ජීමින්ට ඒ කාඹරේ අඳුරෙන් වෙලිලා තිබ්බත් ලාවට පෙනුනා..
ජින් කෙලින්ම ගිහින් නතර උනේ ඒ දෙන්නා ගාව..
🐹 - "නැගිටිනවා Mr. මින් යුංගි.. මට තමුනුත් එක්ක කතාවක් තියෙනවා.. 😡"
🐱 - "ජින් hyung... මොකද මේ වෙලාවේ.."
මහ රෑ තමන් ඉදිරියේ හිටගෙන ඉන්න ජින්ව දැක්ක යුංගි වගේම යුංගි එක්ක drinks ගන්න ගමන් හිටපු නම්ජූනුත් පුදුම උනේ නෑ කිව්වොත් බොරු..
ඒත් ඒ හැම කෙනෙක්ටම වඩා මෙතන පුදුම වෙලා හිටියේ ජීමින්...
තමන්ව ජින් hyung ඇදගෙන ඇවිත් තියෙන්නේ තමන්ගේ මාරයගේ කටටමයි කියලා යුංගි දැක්ක වෙලේම තේරුම් ගත්තු ජීමින් සූදානම් උනේ නැවත දුවන්න උනත් ජින් ඊලඟට කරපු වැඩේ නිසා එයා උන් හිටි තැනම ගල් ගැහුනා..
ESTÁS LEYENDO
Meaw's Endless Love (YoonMin)
FanficBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...