විස්තරය (ඕනෙ නම් කෙලින්ම කතාවට යන්න)

1.6K 181 107
                                    

හායි......

මම මේ කතාව ලියන්න හිතුවේ වීඩියො එකක් බලලා. Americans got talent එකේ ඩවුන් සහලක්ෂණය තියන ළමයි ටිකක් එකතු වෙලා this is me කියන සිංදුව කියනවා. ඇත්තටම මම ඒක බලලා ඇඩුවා. I'm speechless.
මම ඒක කතාව අන්තිමට දාන්නම්

ඉතින් මම කතාවක් ලියනවා මේක ගැන. ටේකුක් කිව්වට මේකෙන් ලව් ස්ටෝරියක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේකෙන් හයිලයිට් කරන්නෙ වෙන දෙයක්.

මුලින්ම කියන්න ඕනෙ මම ටේහ්‍යුන්ට මේකෙන් කිසිම අපහාසයක් කරන්නෑ. මොකද ඩවුන් සහලක්ෂණය කියන්නෙ රෝගී තත්ත්වයක්. කාටවත් කියන්න බෑ මම ටේහ්‍යුන්ට මේකෙන් අපහාස කරනවා කියලා. මොකද ටේහ්‍යුන්ව rapist කෙනෙක් විදියට ගන්න එක අපහාසයක් නෙවේ නම් , එයා ජන්කුක් එක්ක හෝ වෙන idol කෙනෙක් එක්ක සෙක්ස් කරන එක එයාට අපහාසයක් නෙවෙ කියලා තර්ක කරන ඔයාට බෑ මේක එයාට අපහාසයක් කියලා කියන්න.
.
(මම කලින් කිව්ව ටික writers ලාට අපහාසයක් කියලා හිතන්න එපා. මොකද මමත් 18+ bl sex ලියලා තියනවා. දන්නෝ දනිති මම ගැන:-) )

ඉතින් ඩවුන් සහලක්ෂණය දන්නෙ නෑ කියලා ගොඩක් අය කිව්වා. මම ඒක නිසා විස්තර කරන්නම් කො. මට මේ විස්තර හොයා ගන්න morganlaufyson callista_taeyeon @X- Tutoo_____cs උදව් කලා
මන්දා මේ යූසර් නේම් හරිද කියලා. කියවා ගන්න පුලුවන් ඒවා දාගන්න එපායෑ.😂
වැරදි නම් සොරි, ඒ වගේම උදව් වලට තැන්කූ ❤️

මම කතාවට යන්න කලින් මම දෙයක් කියන්නම්.
මම කවරෙට රේන්බෝ එකක් යූස් කලා. LGBT කියන්නම නෙවේ. රේන්බෝ එකෙන් සමානාත්මතාවය, pride, බලාපොරොත්තු, පොරොන්දු, සාමය,වාසනාව, අලුත් ආරම්භය සංකේතවත් කරනවා.

දැන් ළමයි විද්‍යාව ඉගෙන ගන්න ලෑස්ති වෙන්න😂.

මම අර mention කරපු අය ගෙ තොරතුරු වලට අමතරව 13 වසරෙ බයෝ පොතේ DNA මොකක් ද මගුලක් කියෙව්වා. ඒක තේරුම් ගන්න තව වෙනම ඩිග්රි එකක් ගහන්න ඕනෙ. දෙයියො තමා දන්නෙ කවුද එහෙම නෝට් හදන්නෙ කියලා.

කොහොම හරි මට තේරුන විදියට මම කියන්නම් කෝ.

ඩවුන් සහලක්ෂණය කියන්නෙ මම කලිනුත් කිව්වා වගෙ වර්ණදේහ (chromosome) වල සිදු වන විකෘතියක් . මෙහෙම කිව්වට තේරෙන්නෙ නෑ.

This Is Me | V centric ✓Where stories live. Discover now