Teran pov
මන් ඔහේ ඇවිදන් ගියා .ඒ කතාව ඇත්තක් කියලා පිලිගන්න තාම මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.ජෙම් මාත් එක්ක එන්න ඇහුවට මට ඕනි උනේ තනියෙන් ඉන්න.මන් දැම් මොකද කරන්නෙ .එතකොට එයා ඒ ගැනද මට නොකිය කිවුවෙ.මන් කොච්චර මෝඩයෙක්ද.මට එයාව තේරුම් ගන්න බැරි උනා.ඒකියන්නෙ කවදාවත් එයාට බෑ මට ආදරේ කරන්න .ඒත් මට බෑ එයාව අතාරින්න මොකද මන් එයාට ඇත්තටම ආදරෙයි.මට ඕනි මුලු ජීවිත කාලෙම එයා මන් ලගින් ඉන්නවට.එයාට මට ආදරේ කරන්න බැරි උනාට මට පුළුවන් අපි දෙන්නටම ඇති වෙන්න ආදරේ කරන්න .මට එයත් එක්ක කතා කරන්න ඕනි.
Tria pov
මට රියා එක්ක කතා කරන්න ඕනි උනා.මොකද මට හිටිය හොදම යාලුව රියා එයා T.H.K උනේ ඉතිම් එයාගෙ වැරැද්දෙන් නෙමේනෙ.මට මතක හැටියට එයාටත් ඕන උනේ හොද doctor කෙනෙක් වෙන්න.ඒත් දෛවය ඒදේට හරස් වෙලා ඉවරයි.ඉස්සර අපි සතුටින් හිටියා .ඒත් දැන් ඒව මට මතක නෑ.මතක් කරගන්න ඕනි උනත් අර කාලකන්නි දවස් විතරයි මට මතක් වෙන්නෙ.ඒ නිසා මන් ඒ දේවල් මතක් කරගන්න යන්නෙ නෑ.
ටික දවසක් ඔහොම ගෙවිල ගියා.මගේ phone එකට මැසේජ් එකක් ආව ටෙරාන්ගෙන් .මේ වෙන කොට එයා හැමදේම දැනගෙන ඇති.අනිවාර්යයෙන්ම එයා වෙච්ච දේවල් වලට සමාව ගන්න වෙන්න ඇති.එයා මට coffee shop එකට එන්න කියලා .
"ට්‍රියා මන් දැන් ඔයා ගැන දන්නව හැමදේම "
"ඉතිම් ඔයා ආවෙ මගෙන් සමාව ගන්නද "
"නැහැ මම ආවෙ මම කැමති ඔයාව marry කරන්න "
"මොකක්ද ඔයා මට විහිලු කරනවද "
"නැහැ මේ අහන්න ඔයා මොන තත්වෙක හිටියත් මට වැඩක් නෑ මන් දන්නෙ මට ඔයා නැතුව බෑ.මන් ඔයාට ආදරෙයි කියන එක විතරයි ."
"ඔය කතා කිවුවා කියලා මගේ හිතට දැනෙන්නෑ මිස්ට ටෙරාන් ඔයා මුලින්ම යතාර්තයට මුහුන දෙන්න.කවදාවත් අපි දෙන්නට එකට ඉන්න බෑ .job එකක් වගේ නෙමේ marry කරන එක ඒ දෙකටම දෙන්නගෙම හැගීම් බලපානවා ඒ නිසා කරුනාකරල මට පාඩුවෙ ඉන්න දෙන්න.මට දැන් මේක ඇති වෙලා එයා තාමත් මාව follow කරනෝ.එයාගෙ හැසිරීම් නිරීක්ෂණය කරාම මට තේරෙනවා එයා මට ආදරෙයි කියලා ඒත් එයත් දන්නවා මාත් දන්නවා කවදාවත් මට එයාට ආදරේ කරන්න බෑ කියලා .ඔය වගේ දේවල් කල්පනා කර කර එද්දි මන් දැක්කෙ මගෙ දිහාවට වේගෙන් එන ට්‍රක් එකක් .මන් මුකුත් කරන්න කලින් කවුරු හරි මාව තල්ලු කරා.මේ සිද්ද වෙච්ච දේවල් වෙන්න තත්පරයක් වත් ගියේ නෑ මන් දැක්කෙ මාව බේරගන්න තල්ලු කරපු මිනිහ අර ආපු ට්‍රක් එකේ හැපිල ඔලුවෙන් ලේ හොදටම බේරෙනවා.
ටෙරාන් දෙයියනේ එතකොට එයාද මාව බේරගත්තෙ මන් ඉක්මනට Ambulance එකට කතා කරල hospital ගෙනිච්චා..මටනම් එයාගෙ ජීවිතේ ගැන කිසිම විශවාසයක් තිබ්බෙ නෑ.ඇයි එයා මාව බේර ගත්තෙ,එයාට පිස්සුද එයාට මැරෙන්න බය නැද්ද ඒ ආදරේ නිසාද ඇත්තටම ආදරේ නිසා මැරෙන්නත් පුලුවන්ද .ඒත් ඒ දේ ඔච්චරට හදවතට දැනෙනව .ඒත් දැන් එයා මැරුනොත් මන් මිනීමරුවෙක්ද,ඇයි එයාට මේවා තේරුම් ගන්න බැරි .එයාලගෙ පවුලෙ අයට දුක ඇති නේද.මම දැන් මොනවද කරන්න ඕනි.
මාස තුනක් ටෙරාන් කෝම තත්වයට පත් වෙලා ඒත් එයා ඉල්ලුවෙ ට්‍රියාව බදින්න විතරයි .අන්තිමේදී ට්‍රියාට මේ ඉල්ලීම අහක දාන්න බැරි උනා.හැමෝම එයාට කිවුවෙ ටෙරාන්ව marry කරන්න කියලා .කොටින්ම එයාව බලාගත්ත මැඩම් පවා කිවුවා මේකට කැමති වෙන්න කියලා මාස හතරකට පස්සෙ ටෙරාන්ට සනීප උනා .හැමෝටම ඕනි උනා මේ wedding එක ලස්සනට කරන්න .කාලය ඔහොම ගෙවිලා ගියේ හැමෝම wedding එකේ වැඩ වලට කාර්යබහුල කරමින්.
Wedding day💫
සුදු පැහැ ලේස් මල් වලින් හැඩවුනු අලංකාර චාම් මංගල ගවුට අද ට්‍රියාගේ සුන්දරත්වය දෙගුන තෙගුන .දෙවුලොවින් බැස ආ දෙවුලියක් මෙන් සුන්දරත්වයක් ඇගේ ගතෙහි තිබුනද ඇයගේ මුහුනේ නම් කිසිදු හැගීමක් තිබ්බෙ නෑ.ගෑනු ලමයෙක්ට ජීවිතේ වැදගත්ම අවස්තාවක් තමා විවාහය කියන්නෙ.හැම ගෑනු ලමයෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ තමන්ගෙ සහකාරය සමග මුලු ජීවිත කාලය පුරාම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න.හැමෝම තමන්ගේ විවාහ දිනය විශේෂ වද්දි.ට්‍රියාටනම් දැනෙන්නෙ මෙය තවත් එක් දිනයක් පමනක් බවයි .ඇයට කවදාවත් ටෙරාන්ට ආදරය කල නොහැකි වෙයිද.නැතිනම් නොසිතූ ලෙස ජීවිතය වෙනස් වේවිද .දෛවය කෙසේ මොවුන් දෙදෙනාගෙ කතාව වෙනස් කරාවිද .එය දන්නෙ ඉතිම් දෙවියන්ම පමනි
YOU ARE READING
💔FEELING 💔 [Completed ]
Фанфикමේ කතාව පදනම් වෙන්නෙ හැගීම් මත ඒත් මේ කතාවෙ නැතිම දේත් හැගීම්. මේ ලෝකෙ හැගීම් දැනීම් තියෙන මිනිස්සු ඒව දැනෙන් නැති විදියට ඉද්දි .ඇත්තටම හැගීම් දැනෙන් නැති මිනිස්සු කෝම හැසිරෙයිද..... හැගීම් දැනෙන් නැති ගල් හදවතක් හිමිකාරියකට අසීමාන්තිකව පෙම්බදින දඩ...