පළමු කොටස"හිරූ... හිරුවෝ.... අදම එනවද බන්? Lectures කට් කරන්න නම් බෑ පුතෝ."
(චතුවා එලියේ ඉදන් කෑගහන්න පටන් ගත්තා.)"හරි හරි බන් එන්නම්. නවත්තගනින් ඕක, හමදාම උබේ ඔය දේසනාව අහලාම මට කට පාඩම් ඒක."
"හරි හරි බන් නෙමෙයි ඉක්මනට වරෙම් ලත වෙන්නේ නැතුව"
ඔන්න මදි පාඩුවත් පටන් ගත්තා.
"හරි හරි මේ ආවා" කියාගෙනම මම මිදුලට බැස්සා.අමුතු ජීවියෙක් දැක්කා වගේ නිසුවයි චතුවයි දෙන්නම ඇස් කටේ තියන් බලන් ඉන්නවා.මාත් ඉතින් පිටිපස්ස බැලුවා කවුරු දිහාද මුන් දෙන්නා බලන් ඉන්නේ කියලා.කියන්න බෑනේ මට පිටිපස්සේ හොල්මනක් වත් ඉන්නවද දන්නේ නෑනේ.
මම ලගට ගිහින් තට්ටුවක් දැම්මට පස්සේ තමයි දෙන්නම පියවි සිහියට ආවේ."ආවුස් අද කෙල්ලගේ ලස්සන" එහෙම කිය කියම චතුවයි නිසුවයි මාව කරකව කරකව බලනවා.
"එහෙම් තමා හැණ්ඩි කෙල්ල වගේ ඉන්න එපැයි" මාත් ඉතින් ගස්සලා පද්දලා තාලෙට කිව්වා.
"යමං යමං දැන් උබලා දෙන්නම නේද පරක්කු වෙනවා කියලා මාව මරන් කන්න හැදුවේ"
කොහොමින් කොහොම හරි අපි කතාවෙන්ම University එකට ආවා.
අපේ ගෙදර තිබ්බේ University එක ලග නිසා අපි හැමදාම තෝරගත්තේ පයින් ගමන. අපේ ගේ කිව්වට ඒක අපේම ගේ නෙමෙයි.මමයි නිසුවයි චතුවයි University select උනාම අපි තුන්දෙනා University එක ලගින්ම පොඩි ගෙයක් කුලියට ගත්තා. ඒකේ ඉදන් තමයි අපි University යන්නේ.කතාව කිව්වට තාම මම කවුද කියලා කිව්වේ නෑනේ. මම හිරන්‍යා චනුත්මි වික්‍රමසිංහ. ගොඩක් අය මට කතා කරන්නේ හිරූ කියලා. එතකොට මගෙ සහෝදරියෝ වගේ මගේ ඕනෙම දේකට ලගින් ඉන්න අතිජාත මිත්‍රයෝ දෙන්නා චතුවයි,නිසුවයි . ඒ කියන්නේ චතුමි හංසනා රාජපක්ෂ සහ නිසංසලා දෙවන්ගි දිසානායක.
එහෙනම් ඉතින් අපි කතාවට බහිමු.Lectures hall එකට ගිහිල්ලා Lectures පටන් ගන්නකන් අපි තුන්දෙනාම වාඩිවෙලා පාඩම් කරන්න ගත්තා. වැඩිම විනාඩි දහයක් විතර පාඩම් කරන්න ඇති. සුපුරුදු පරිදි චතුවා එයාගේ සෙල්ලම පටන් ගත්තා. නිසුවත් ඒකට එකතු උනා.දෙන්නගේ සෙල්ලම උනේ Hall එකේ දොර දිහා බලන් ඉදලා Hall එකට එන කොල්ලන්ට ලකුණු දෙන එක.Hall එකට කොල්ලෙක් එන ගානෙ මුන් දෙන්නා එකතු වෙලා ඒ කොල්ලට ලකුණු දෙන්නවා. පව් ඒ අහිංසක කොල්ලො.
"නිසූ ඔයා මෙයාට කීයක් දෙනවද? මම නම් දෙන්නේ 60%ක් විතර."
(සුපුරුදු පරිදිම චතුවගෙන් නිසූට ප්‍රශ්න ඉදිරිපත් වෙනවා.)
"මම නම් 65%ක් විතර දෙනවා. මොනවා වුනත් පව්නේ ඒ කොල්ලා."
(නිසූත් චතූට දෙවෙනි නැතුව හිනාවෙවීම උත්තර දෙනවා.)
පාඩම් කරනවා කියලා හිතන් හිටියට මුන් දෙන්නා එක්ක Lectures hall එකේදි මේ ආත්මෙට පාඩම් කරන්න බෑ.මාත් ඉතින් උන් දෙන්නගේ කතාවට කන දාගෙන හිටියා පාඩම් කරනවා වගේ පොත දිහා බලාගෙන හිටියට.
Hall එකේ දොර ඇරෙන සද්දෙත් එක්කම චතුවා 100%යි කියලා මේසෙට ගහගෙන නැගිට්ට පාරට මමත් ගැස්සිලා ගියා.
මෙන්න ඒ පාර නිසුවත් 100%යි කියලා නැගිට්ටා. මටත් ඕනේ නැති ඕපයක් නෑනේ. මාත් ඉතින් හිමීට ඔලුව උස්සලා බැලුවා කවුද ඒ හැණ්ඩියා කියලා.°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කවුරු වෙන්න ඇතිද ඒ lectures hall එකට ආවේ?🤔🤔
ඒ කවුද කියලා බලාගන්න දිගටම මාත් එක්ක ඉන්න.❤🥰
______________________________________
Guys කතාව කියවලා කොහොමද කියලා කියන් යන්න. දිගටම මාත එක්ක ඉන්න. හොර පාරෙන් යන්නේ නැතුව vote එකක් comment එකක් දාන් යන්ඩලා හොදේ🤭🌝
ඒනම් මන් මෙතනින් නවතිනෝ.
Bye
Parissamin innaමම,
හිරූ
YOU ARE READING
💘අරුමයකි ආදරය💘
Romanceමේක මගේ දෙවෙනි කතාව. හැබැයිමේක fan fiction එකක් නෙමෙයි. නිකන් හිතිලා ලිව්ව කතාවක්. කියවලා බලලා හොදද කියන්න.