- 07 -

431 131 26
                                    

" තේහ්‍යුන්,
මං තාමත් එතනමයි. ඔයා අතින් අල්ලන් ඇවිත් නවත්තපු තැනමයි. එදා මගේ අත තද කරලා ඔයා ගිහින් එන්නම් කියපු හින්දා අද වෙනකන් මං බලන් හිටියා. ඒත් ඔයාගේ ඇස් වල තව දුරටත් මං නෑ කියලා අද මට තේරුණා....

ඉතින් තේහ්‍යුන්,
රකින්න බැරි පොරොන්දු ජීවිතේ කාටවත් කවදාකවත්ම දෙන්න එපා... ඒකෙ වේදනාව දන්නේ බලන් ඉන්න කෙනා විතරයි. ඒ පොරොන්දුව හින්දා මං ජීවිතේ මේ තරම් කාලයක් ගැට ගහගත්තා. තවත් නම් මට බෑ. මට හරි මහන්සියි ටේ..

මං දන්නවා ඔයා අද මට යන්නම් කියලා ගියොත් ඒ වචන ටික ඇහෙද්දිම මං පපුව පැලිලා මැරෙනවා කියලා මට විශ්වාසයි. ගිහින් එන්නම් කීවොත් මැරෙනකන් ම ආයෙත් මං බලන් ඉන්නවා කියලත් මට විශ්වාසයි. ඒ නිසා අද මං මුලින්ම යන්නම්.
ඉතින් මං යන්නම් තේහ්‍යුන්. මං ඔයාට තාමත් ආදරෙයි... "

ආපහු හැරිලා බලන්නෙ නැතුවම මං එතනින් නැගිටලා ආවා.

***

_MatheeJM_

Waiting || VMIN || Oneshot ✔️Where stories live. Discover now