දෙවියනි,
මම ආදම් ගේ ඒවා නොවේ
ඔබ වහන්සේ මැවූ ඒවා නොවේ
නමුත් ඇත මට පැනයක්...
දෙන්න මට රිසි පිලියමක්...මා තවමත් කුමරියකි,
කෙල්ලෙකි
කිසිදු අයෙකුට පෙම් නොකළ
තවමත් මම දියණියකි
දෙමාපියන් අබියස සුරතල් වනසමාජය වෙනස් ය
නිතර පවසයි නොයෙක් දේ
මෙයලු කාලය ආදරයට
දෙමාපියන් ගේ නොව
නන්නාදුරන ආගන්තුකයෙකුගේ...,කුමක් මා කරම් ද
අවශ්‍ය මටත්..,
නමුදු,
ආගන්තුකයෙක් නොව
කල්පයක සිට පතා ආ අයෙක්,
විය යුතුය ඔහු ප්‍රථම හා
අවසාන ආදරය,
ප්‍රථම ස්පර්ශ ය සහ
අවසාන ස්පර්ශ ය,
ප්‍රථම හාදුව සහ
අවසාන හාදුව විය යුතුයි
ඔහුගේම,අවශ්‍ය මට යමෙකු
කිරීමට ආදරය,
ලැබීමට සෙනෙහස,
වීමට ආරක්ෂා,
සිටීමට සහයෝගයෙන්,
සහ විශ්වාසයෙන්,සිටීද මේ ලොව තුල එවැනි පුරුෂයෙක්...?
මා හට පමණක් ආදරය කරන,
මගේ රුපයේ නොව හදවතේ ලස්සන දකින,
හදවතේ ඇති සියලු දේ පවසන,
බුද්දිමත් සහ කාරුණික,
කාමය නොව සෙනහස පිරිණු,
කිසිදා අතැර නොයන,
මගේ වැරදි කියාදී මා හා සතුටින් සිටින....ඔබ වහන්සේ මැවූ මේ ලෝකයේ...
සිටීද එවැන්නෙක්?නැත නේද එවැන්නකු
මවා දෙන්න මට එවැන්නකු
ඔබතුමා ආදම් ව මැවූ ලෙස,මා පිළිමය අඹා දෙන්නම්
හෙළන්න ඔහුට ඔබ වහන්සේ ගේ
ජීවන හුස්ම.....
හැකිය මට එවිට
ආලය කිරීමට
හිතේ කිසිඳු බයක් නොමැතිව,
ලැබිය හැක මට එවිට
මා ලග සිටින්නෙක්
මියැදෙනා තුරුම,දෙවියන් වහන්ස කොහෙද ඔබ?මා ප්‍රමාද යිද?
ඔව් මා සිටින්නේ වර්තමානයේ..........
ඔබ වහන්සේ නිවැරදි දේ කලද
දැන් සමාජය වෙනස් වී ඇත.....ඒවාව මැවූ යේ ආදම් ගේ
හදවත සමීපයේ ඇති ඉල ඇටයෙනි
එයින්
ඔවුන්ගේ සදාකාලික ආදරය මානව පෙනේනමුත් එයින් පැවත එන වර්තමානය
ඉතා වෙනස් වී ඇත.
නොමැත සත්‍ය ආදරය
එහි තේරුම පවා
කිසිවෙක් නොදන්නේයසොයා ගත නොහැකි ය
පවිත්‍ර පුරුෂයෙක්...... 💔තීරණයක් ගතිමි
සිටිමි තනිකඩව
ජීවිතය පුරාම
සොයා යමි නිදහස
ලෝකය පුරාමඒ අතර තුර සිටියෝතින් මගේ ජීවන හුස්ම...,
ලබා ගමි ඔහුව
තබා ගමි මියෙන තුරුමේ පවිත්‍ර හදවතින්.....
ඒවි ට හැකිය මට පෙන්වීමට
ස්ත්‍රියත් පුරුෂයත් යනු
එකම මාංශයක් බව
ඔබ වහන්සේ ආදම් හා ඒවා මැවූ ලෙසටම.මාගේ ජිවන හුස්ම....,
ආදරෙයි සදාකල්
- හනා ජයසේකර -
ජිවන සුසුම
YOU ARE READING
යථාර්තය සොයායාම
PoetryThis is not a short story This is a sinhala poem නිසදැස් සමුහය මේක short story එකක් නෙවෙයි ජිවිතයේ යථාර්තය හොයන්න වෙහෙසෙන අය පමණක් කියවන්න සතියට එක නිසදැසක් අලුත් ජිවිතයක් 💖✨️