Author's pov
අද මෙ හත් දෙනාගෙම ජීවිත මහ පුදුම විදියට වෙනස් වෙයිද......
අනාගතයේ සිදු වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවට වඩා වර්තමානයේ ඔවුන්ට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න විසඳ ගන්න බලාපොරොත්තුවෙන් යුන්ගි කරන්න යන දෙයින් මොනා වෙයිද......දැන් වෙලාව උදේ 10 යි...
කට්ටියම ලෑස්ති වෙලා පහළට ආවේ යුන්ගිගෙ ගෙදර යන්න....
යුන්ගිගෙ ගෙදර තිබ්බෙ මහ දුරක නෙමේ ජන්කුක්ලගෙ ගෙදරට ඉස්සර ගෙදරනෙ.....
හත් දෙනාම යුන්ගි එක්ක එයාගේ ගෙදර ගෙට්ටුව ගාව නතර වුණේ ඒකෙ තිබ්බ මහ මූසල පෙනුම හින්දා....
ඇත්තටම පිටින් බලන ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේක අත ඇරලා දාපු ගෙයක් කියලා ඒක ඒ තරම් ගරා වැටුණු ගෙදරක්.....
ඒක පරණ බංගලාවක් කිව්වොත් හරියටම හරි
ඒ තරම්ම ලොකුයි...
හැමෝගෙම හිතේ පොඩි චකිතයක් ඇති කලෙ ගෙදර පෙනුමට....
ඒත් යූන්ගි ගැන තිබ්බ විශ්වාසය හින්දම කිසිම පැකිලීමකින් තොරවම කට්ටිය ගෙට්ටුවෙන් ඇතුලට යන්න හැදුවත් ඒ මොහොතෙම නතර වුණේ යූන්ගි එයාලට හරස් වුණ හින්දා......🐹 : " ඇයි යුන්ගියා... අපිව ඇතුලට ගන්නෙ නැද්ද...."
🐱 : " ඇතුලට ගන්න තමයි හදන්නේ.... ඔයාල ඔය කොහෙද යන්නේ...."
🐯 : " ඇයි අපි මේ ගෙට්ටුවෙන් යන්නෙ නැතුව උඩින් පනින්න ඈ..."
🐱 : " මෙන්න මෙහෙ එනවල මගේ පස්සෙන්.... මං මෙ දෙවල් ඔයාලට කියන්නෙ පෙන්නනෙ මට ඔයාල ගැන තියෙන විශ්වාසෙට..... ඒ විශ්වාසෙ කඩන්න හිතන්න වත් එපා...."
යුන්ගි ටිකක් තර්ජනාත්මක ස්වරූපයෙන් කිව්වත් අනික් අය කලෙ හිනා වෙලා ඔළුව වනපු එක විතරයි...
යුන්ගිගෙ ගෙදර පෙනුනේ ඉස්සරහ තිබ්බ ගෙට්ටුවෙ කම්බි අතරින් විතරයි...
ඒ ගෙට්ටුව වුණත් හත් අවුරුද්දකින් පාවිච්චි කරල නෑ වගේ පෙනුමක් තිබ්බෙ...
හැබැයි ඉතින් ලොක් එකක් වත් දාල තිබ්බෙ නෑ....
YOU ARE READING
Dream Of The Destiny
FanficHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...