ඩෙවන්෴
"නම?... "
*ඩෙවන් ෆ්ලේක්ස්..."
දාඩිය දාලා තිබ්බ අත් දෙක ස්කින් ටයිට් ජීන් එකේ පිහදන ගමන් උත්තර දෙද්දි මගෙ කටහඩ වෙව්ලනවා මටම තේරුනා.
"තමුන්ගෙ වයස කීයද?..."
"විසි දෙකයි.. "
"එච්චරක් නම් පේන්නෙ නෑ. අයි ඩී එක ගන්නවා බලන්න එලියට.."
ආයෙත් අත් දෙක ජීන් එකේ පිහදන ගමන් මම මගෙ පර්ස් එක එලියට ගත්තා. ඒත් කලබලේ කොච්චරද කියනවා නම් හරියට අල්ල ගන්න බැරි වුන පර්ස් එක එතනම බිමට වැටුනා. එහෙම්මම ඉක්මනට නැවිලා පර්ස් එක අරන් අයි ඩී එක ඉස්සරහ හිටපු මනුස්සයාට මම දික් කලා. මේ වෙන කවුරුත් නෙවේ, පැරඩයිස් නයිට් ක්ලබ් එකේ මැනේජර්.
අයි ඩී එක දිහායි මගෙ මූන දිහායි එයා දෙතුන් පාරක් බැලුවෙ නිකම් ඒ ඉන්නෙ මම ම ද කියලා හොයාගන්න වගේ. ඒකෙන් මගෙ බර්ත් ඩේට් එක චෙක් කරපු මැනේජර් ආපහු මට අයි ඩී එක දුන්නෙ ඔරවගෙන.
"තමුන්ට ඩාන්ස් කරන්න පුලුවන්නේ? නැත්නම් මේකට ඇප්ලයි කරන්නෙ නෑ නෙ. හහ් හහ් හා හා හා.... "
මහ කැත විදියට හිනාවක් දාන ගමන් ඒ මනුස්සයා කීවා.
"දැන් මොන වගේ ඩාන්ස් ද තමුන්ට පුලුවන්? "
"පෝල් ඩාන්ස් "
"එච්චරද? එහෙනම් අන්න දොර. යන්න පුලුවන්.."
" සර් කියන ඕනි එකක් කරන්න පුලුවන්..."
ස්කින් ටයිට් ජීන් එකට වයිට් කලර් ස්වේටර් එකක් ඇදලා ඉදපු මම ඇස් දෙකට වැටිලා තිබ්බ කොන්ඩෙ පැත්තකට දාන ගමන් කලබලෙන් උත්තර දුන්නා.
"ලැප් ඩාන්ස්.. ට්‍රයි දැට් "
යටි තොල ලෙවකන ගමන් මැනේජර් එයා ලග ඉදපු කෙට්ටු උස හුලගට උනත් ගහගෙන යන තරමට වැනි වැනි හිටපු මනුස්සයෙක්ට අතින් සන් කලා. එහෙම කරලා වාඩි වෙලා හිටපු පුටුවත් බිම දිගේ ඇදගෙන ඇවිත් මම හිටගෙන හිටපු තැනට එහායින් වාඩි වුනා.
මදැයි කලා...
ඒත් එක්කම සරාගි සිංදුවක් ස්පීකර් එකෙන් හෙමීට ගලාගෙන ගියා. ගැඹුරින් හුස්මක් හෙලපු මම හෙමීට මියුසික් එකේ තාලෙට ඉන දෙපැත්තට පද්දන්න ගත්තා. ඉන හරියේ ඉදන් හෙමින් ඇග දිගේ අරන් ආපු අත් දෙක බෙල්ල ගාවින් මූන ගාවට ගන්න ගමන් මම ඇහැ කොනින් පුටුවේ වාඩි වෙලා හිටපු මැනේජර් දිහා බැලුවා. ඒ වෙනකොටත් එයා තදින් හුස්ම ඉහලට පහලට දානවා මට තේරුනත් නොතේරුන විදියට හෙමින් තාලෙට අඩි තියන ගමන් ඉන පද්දපු මම එහෙම්මම මැනේජර් ගෙ උකුලෙන් වාඩි උනා.
ESTÁS LEYENDO
CEO's Little Dancer (On hold )
Romance"වැඩකට නැති එකා..." "උබෙන් කාටවත් වැඩක් නෑ...." "උබට කවුරුවත් ආදරේ කරන්නෙ නෑ.." -ඩෙවන්- "ඩීල්..." "ටූ ලේට් හී ඊස් ගෝන්.." - ඇල්ජැන්රෝ- -මල්ටි බිලියන(ර්) ඇල්ජැන්රෝ -ඩාන්සින...