Jungkook's POV
ස්විමින්ග් කියන්නේ මගෙ ජීවිතේ. මම ඇවිදින්න පටන් ගන්නත් කලින් ස්විමින්ග් කරලා තියෙන්නේ. නැශනල් චැම්පියන් කෙනෙක්. ඉතින් කොලේජ් එකේ ස්විමින්ග් පටන් ගන්න එක මට එච්චර ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් නෙවෙයි උනාට කණු-කිම් ටේහ්යුන්ග් ඉන්නවා නම් එතන අනිවාර්යෙන්ම අර කොට කොල්ලා ජිමිනුත් ඇති. ආයේ පාරක් කන්න.... මතක් වෙනකොටත් මගේ ඇගම රිදෙන්න පටන් ගත්තා.
කල්පනා ලෝකේ පැත්තකට දාලා මම ඊලග ලෙක්චර් හෝල් එක හොයාගෙන ගියේ ආයේ කාගෙවත් ඇගේ වදින්න එපා කියලා හිත හිත. උදේ වගේම එකම බිල්ඩින්ග් එක එක වටේ ගොඩක් පාරක් ඇවිදලා මට පුලුවන් උනා ලෙක්චර් හෝල් එක හොයාගන්න.
නිදිමත ලෙක්චර්ස් හතරකට පස්සේ මගේ කොලේජ් එකේ පලවෙනි දවස ඉවර උනා. මම හිතාගෙන ආවේ ස්කූල් වලට වඩා හොද ඇති කියලා. ඒත් එහෙම නෑ. ස්කූල් වලටත් වඩා නරකයි කොලේජ්
මම ස්පෝර්ට්ස් යුනිට් එකට යන්න හැදුවත් මගේ හිත කිව්වේ මේ වෙලාවේ කවුරුත් නැතුව ඇති කියලා යුනිට් එකේ. ඒ හන්දා මමත් බෑග් එකත් අරගෙන කොලේජ් එකෙන් එලියට එනකොට මම දැක්කා මට උදේ හම්බුන ඒන්ජල් දුවනවා.
එයා දුවනවට වඩා වැඩක් කරන්නෙම නැද්ද මන්දා....
මම එයා යන දිහා හැරි හැරි බල බල යනකොට මම ආයෙමත් කාගේ හරි ඇගේ හැප්පුනා.
ෆෝන් එක?
පොකට් එකේ!
මම ඉස්සරහා හැරිලා බැලුවම හිටියේ උදේ හිටපු කණු-කිම් ටේහ්යුන්ග්. නොදැනීම මගේ හුස්ම ගන්න එක නැවැතුනේ බයටමද කොහෙද? ආයේ කොහෙන් කඩන් පාත් උන කට්ටියක් මට දාගෙන ගහයිද දන්නේ නෑ.
මම එයාගේ මූණ දිහා බලන් ඉන්නකොට එයත් මගේ දිහා බලන් හිටියා. මම බය වෙල ඉන්නකොට එයා.... එයාගේ මූණේ කිසිම වෙලාවක මම කිසිම හැගීමක් දකින්නේ නෑ. ඇයි ඒ?
මම ඒ මූණ දිහා කල්පනා කර කර ඉන්න අතරේ එයා මොකුත් නොකියා යන්න ගියා. සොරි කියන්නවත් දන්නේ නැති කිසිම හැදියාවක් ගෑවිලා වත් නැති මනුස්සයෙක්. මම එයා යන දිහා බලාගෙන හිටියා. පාර්කින් එකට ගිහින් කාර් එකට නැගලා ගියේ නිකන් ඊයේ යන්න තියන ගමනක් අද යනවා වගේ වේගයෙන්....
BINABASA MO ANG
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanfictionකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...