Double update!! Because am not satisfied with previous chapter!!
Jungkook's POV
මම දැක්කා ඈත කවුද මන්දා කට්ටියක් වට වෙලා ඉන්නවා. එතනින් ඇහෙන සද්ද වලින් තේරුනා එතන කාට හරි බුලී කරනවා කියලා. ඊයේ කාපු දේවල් මතක් උන නිසා මම ඉක්මනට අනිත් පැත්ත හැරිලා මාරු වෙන්න හැදුවේ අදත් මට නැගිටගන්න බැරි වෙන්න කන්න ඕනේ නැති හන්දා.
ඒත් මම ඉස්සරහ හැරෙනකොට මගේ ඉස්සරහා හිටියේ ....
කණුවගේ යාලුවා...
ජිමින්...
"තමුන් මොකද මෙතන කරන්නේ? "
ජිමින් මගේ ඉස්සරහට එනකොට මම පිටිපස්සෙන් පිටිපස්සට ගියේ ඇත්තටම එයාට තිබ්බ බයට. මම බොරු කියන්නේ නෑ බය නෑ කියලා. ඊයේ කාපු කෑම මට තාම හොදට මතකයි. ඊයේ තරම් කට්ටිය හිටියේ නැතත් අදත් තව තුන්දෙනෙක් එයාගේ වටේ හිටියා. 4:1ක්?වෙනම් මගේ ඇගට වැහිලා නෑනේ හතර දෙනෙක් එක්ක එක පාර ගහගන්න.
පිටිපස්සෙන් මම කොහේ හරි වැදුනම මම හැරිලා බැලුවේ තව කෙනෙක්ගේ ඇගේ වැදුනා නම් මට අද ඩබල් කන්න වෙනවා කියලා මතක් කරගෙන.ඒත් මම ගිහින් නැවතිලා තිබ්බේ බිත්තියක....
"මම ඇහුවේ තමුන් මොකද මෙහෙ කරන්නේ කියලා."
"මම..... මේ....මන්...."
"ඇයි? කියන්න දේවල් නැද්ද? "
"නෑ. ති-තියනවා. "
"එහෙනම් කියනවා මොකද කියලා....."
මට කියන්න දේවල් ඇත්තටම නෑ..මම මොනවා කියන්නද? මෙයාගේ යාලුවන්ගෙන් බේරෙන්න මම මෙතනට ආවා. දැනගෙන ආව නම් මට කියන්න තිබ්බා ඇයි මම ආවේ කියලා. මම ඉතින් දන්නෙවත් නැතුව කොහොමද කියන්නේ මම මොකට ආවද කියලා.
"කිය-."
"එයා ආවේ මාව හම්බෙන්න. සමාවෙන්න."
හූඩි එකකින් මුලු ඔලුවම වහගත්ත කෙනෙක් ඇවිත් මගේ අතින් ඇදන් ගියා. මම කාවවත් හම්බෙන්න ආවේ නෑ. මට මූණ බලන්න ඕනේ උනත් එයා මාව ඇදගෙන ගිය විදිහට මට මොකුත් කරන්න බැරි උනා. මම පිටිපස්ස හැරිලා ජිමින්ලා දිහා බලනකොට මම දැක්කා ඒ ඇස් වල කේන්තියක් තියනවා. ටේහ්යුන්ග්ගේ ඇගේ වැදුනා කියලා ඔච්චර දෙයක් කරන්න ටේහ්යුන්ග් කොලේජ් චාන්ස්ලර් ගේ පුතාද?
ESTÁS LEYENDO
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanficකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...